Home දේශිය පුවත් ඇය වෙනුවෙන් එක්වූ හදවත්.. මව් සෙනෙහස මඟ හැරුණු රෝසමල ගැන ඇසෙන අලුත්ම...

ඇය වෙනුවෙන් එක්වූ හදවත්.. මව් සෙනෙහස මඟ හැරුණු රෝසමල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

0
46

ඇයට මව් සෙනෙහස අහිමි වුණත් ජීවත් වෙන්නට වාසනාව තිබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී සිද්ධිය ගැන ඇසෙන කතාවක්…

කුරුණෑගල සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක ගසක් පාමුල දමා ගොස් සිටියදී සොයාගැනුණු බිළිදියගේ මව සොයා පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා..

මේ අතර එම බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි මාවතගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ..

කැනඩාව,ඕස්ට්‍රේල්යාව, නවසීලන්ත අමෙරිකාව සහ ඉතාලිය ඇතුළු රටවල් රැසක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකියින්ද මෙම දැරිය හදා වඩා ගැනීමට ඉල්ලා දුරනකතන ඇමතුම් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ..

එලෙස ඉල්ලීම් කළ සියලු දෙනාට ඒ සඳහා ගතයුතු නීතිමය ක්‍රමවේදයන් පැහැදිලි කර දී ඇති බවද අදාළ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළා..

එසේම , කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා..

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි..

Previous article“මම ඉන්නෙ සැනසීම කියන දේ ජීවිතේ මුලික අවශ්‍යතාවක් බවට පත්කරගෙන..” කවුරුත් ආදරය කරන අභී මේ හොයන සැනසීම මොකක්ද..?
Next articleඑයා ඇත්තටම ඒ වගේ ඇති නේද ? කවුරුත් දකින්න ආසාවෙන් ඉන්න දීපිකා පදුකෝන්ගේ පුංචි රෝස මල වෙනුවෙන් AI පින්තූර නිර්මාණය වුනේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights