ලංකාවට ඇවිත් ඉන්න කවුද මේ ලෝකයම දන්න අතිශය දක්ශ ගායකයා ?
ඔහු ඉපදුනේ 1953 දී අප්‍රිකාවේ අයිවරිකොස්ට් රටේදී …
ඔහු සුප්‍රකට රැගේ තරුවක්… ජැමෙයිකාවෙන් පිටත ලෝකයේ රැගේ සංගීතයෙන් පෙරළි කළ එකම ගායකයා විදියට ඔහු හදුන්වන්න පුළුවන්.
Seydou Koné නමින් උපත ලැබුවද සංගීත ලොවේ ඔහුව අභිශේක කරලා තියෙන්නේ Alpha Blondy ලෙසයි…
ඉංග්‍රිසි ප්‍රංශ හීබෲ වැනි භාෂාවලින් ගීගයන මොහු තම ගීත හරහා බොබ් මාලේ මෙන් දැවැන්ත සමාජ දේශපාලන මතයක් ගොඩනැගීමට මේ වනවිට සමත් වෙලා තියෙනවා.
ඉතිං මේ සුපිරි තරුව උමාරට මුණැගැහිලා තිබුණා ලංකාවෙදි… ඇය හරිම සතුටින් ඒ පින්තූර මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ විදියට …












