Home දේශිය පුවත් “දෙන්නම බේරගන්න හස්බන්ඩ් පැන්නා… තනියම බැරි නිසා මාත් පැන්නා” – වියානා ඇලට...

“දෙන්නම බේරගන්න හස්බන්ඩ් පැන්නා… තනියම බැරි නිසා මාත් පැන්නා” – වියානා ඇලට වැටුණු පෙම්වතා බේරාගත් ඔවූන් කියන කතාව.

0
75

 

මේ අද උදේම ඇහුණු හද සසල වෙන කතාවක් ගැන ඇහෙන කතාවක්…

මහියංගණය, වියානා ඇලේ ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද දවල් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියේදී, දියබානාවැව ප්‍රදේශයෙන් එම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වෙනවා.

ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බව සඳහන්.

මෙම තරුණිය සහ ඇයගේ පෙම්වතා ඇල කණ්ඩිය මත ඊයේ පස්වරුවේ ඇවිදිමින් සිට ඇති අතර එහිදී පෙම්වතා ඇලට වැටී ගසා ගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී පෙම්වතා බේරාගැනීමට තරුණිය ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ මොහොතේ එය දුටු ඒ අසලින් ගමන් කළ මහියංගණ පොලිස් විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු ලබන පො.කො 86726 කේ.ජී සුමේධ බණ්ඩාර නිලධාරියා වහා ඇලට පැන ගලා යන දැවැන්ත ජල කඳ සමඟ පොරබඳා අනතුරට පත් තරුණයා බේරාගෙන තිබුණා.

ඒ ඔහුගේ බිරිඳගේ සහයෝගයද මතයි.

Previous articleමැටි භාජන වලම උයන්න කියන්නේ මෙන්න මේ හින්දා.. ඔබත් ගෘහණියක් නම් මේ කාරණය ගැන දැනගන්න.
Next articleඑන්න බෑ කියපු ශාරුක් ඛාන් වෙනුවට ලංකාවට එන සුපිරි බොලිවුඩ් තරුව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights