Home දේශිය පුවත් අධ්‍යාපනය කියන්නේ අත්තටු..! ඇයට මොන තරම් සතුටක් ඇතිද ? නිදහස් අධ්‍යාපනයෙන් ලොවක්...

අධ්‍යාපනය කියන්නේ අත්තටු..! ඇයට මොන තරම් සතුටක් ඇතිද ? නිදහස් අධ්‍යාපනයෙන් ලොවක් දිනන්නට මග විවර කරගත් විදුනිගේ කතාව මෙන්න

0
35

 

නිදහස් අධ්‍යාපනය කියන්නේම දරුවෙකුට ලැබෙන සවිමත් අත්තටු ද්විත්වයක්..

ඒ අත්තටුවලින් හැකිතාක් දුර නිදහසේ පියඹා යන්න වරම් දිනාගත් තවත් එක් වාසනාවන්ත දියණියක් ගැනයි මේ කතාව..

ඇය නමින් විදුනි කීර්තිසිංහ.. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය දා පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී ඇගේ නම කියවුණේ වරක් දෙවරක්, නෙවෙයි..

ඇත්තෙන්ම ඇය දක්ෂතාවයේ උපරිමයටම ගොස් එහි පල නෙලාගත් දිනයක් බවට ඊයේ ඒ උපාධි ප්‍රදානෝත්සවයේදී බොහෝ දෙනාට ප්‍රත්‍යක්ෂ වුණා..

ඒ දවස ඇගේ කරගැනීමට තරම් ඇය භාග්‍යවන්තියක් වුණා.. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ඇය සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයටයි..

පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයට ප්‍රවේශය ලබාගත් ඇය සිය අධ්‍යයන කටයුතු අවසන් වනවාත් සමඟම ඇය දැක්වූ දක්ෂතා මත රන්පදක්කම් 9ක් දිනාගැනීමට මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී ඇයට හැකිවුණා..

විදුනිගේ හැකියාව වෙනුවෙන් විශිෂ්ඨතම පදක්කම් ගොන්නක් වගේම ශිෂ්‍යත්ව ද්විත්වයක්ද ඇයට මෙහිදී හිමි වීම විශේෂත්වයක්..

Previous article“නිදියන් ඉන්න ඈ දිහා බලා ගෙන ඉදල තියෙනවා….. එක පාරටම මහා හුස්මක් පපුව අස්සට අරන්.. හීල්ලිලා ඈතට පාවෙන්න..” කලකට පස්සේ මධූ මේ කියන්නේ ඇය ගැනද..?
Next articleමේ සතිය නම් කලින්ම සැලසුම් කරගන්න. උදාවෙන හැම දවසක්ම ඔයාට තීරණාත්මක දවසක් වේවි..!
error: Content is protected !!
Verified by MonsterInsights