Home දේශිය පුවත් අනුන් දිහා බලලා කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. තමන්ට පුලුවන් දේ මුලින්...

අනුන් දිහා බලලා කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. තමන්ට පුලුවන් දේ මුලින් අඳුනගන්න..’ රටක් ආදරේ කරන එමාෂා එයාගේ රසිකයින්ට කී වටිනා කතාව මෙන්න

0
30

හැමෝම දාන හින්ද ඔන්න මාත් දැම්මා.🙈❤️ අවුරුදු ගානක් පුරාවට මම ආපු ගමන ගැන ආපස්සට හැරිල බලනකොට, අද වෙද්දි මම සතුටු වෙනවා. ඔයා වෙනුවෙන් ඒ දේ ඇති කරගන්න ඔයාටත් පුලුවන්. ☺ ඔයා මොන දේ කලත් ඔයා දක්ෂ පැත්තෙන්, ආස පැත්තෙන් ඉස්සරහට යන්න. දීර්ඝ ගමනක් එතකොට තියෙනවා. එතකොට ඔයාටත් පුලුවන් දෙමව්පියන්ව සතුටු කරවන, ඒ අයට ආඩම්බරයක් ගෙනල්ල දෙන දරුවෙක් වෙන්න. මතක තියාගන්න, පොතේ දැනුම කියන්නෙ ඒකට එක මඟක් විතරයි. හැමෝටම මේ ක්‍රමය හරියන්නෙ නෑ කියලත් මම මෙතනදි මතක් කරනවා. මාලුවෙක්, කුරුල්ලෙක්, වඳුරෙක් සහ සිංහයෙක් අතරින් වැඩිපුරම දක්ෂ කවුද කියල තෝරන්න, ඉක්මනටම ගහට නගින්න පුලුවන් කෙනා තෝරන තරඟයකින්, එහෙමත් නැත්නම් ඉගිලෙන තරඟෙකින් බැහැනේ. එක එක්කෙනාට ආවේණික දක්ෂතාවය වෙනස් බව, අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න පුලුවන් දෙමව්පියෝ දෙන්නෙකුත් ඉන්නවා නම් ඔයා තවත් වාසනාවන්තයි. ඒ නිසා අනුන් දිහා බලලා කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. තමන්ට පුලුවන් දේ මුලින් අඳුනගන්න, ඔයාට පුලුවන් කියන විශ්වාසය විතරක් තියාගන්න. හැබැයි මොන දේ කලත් ඔයා හරියට කරන්න, අවංකව මහන්සි වෙන්න, කැපවෙන්න. අපි ආස ගමනාන්තයට යන්න නම් හරි පාරෙම යන්න ඕන. Achievements, අධ්‍යාපනය, ඔයාට ලස්සන වටිනාකමක් එකතු කරනවා. හැබැයි මොන දේ achieve කරල තිබුණත් නැතත්, හැමදාටම ඇතුළාන්තයෙන් හිත පිරිසිදු, හොඳ මනුස්සයෙක් වෙන්න. එතකොට ඔයාට පුලුවන්, හිත සැහැල්ලුවෙන්, අවංකව ඔයා ගැනම සතුටු වෙන කෙනෙක් වෙන්න. ☺❤️

මගේ මේ ගමනේ හයිය වුණු, මගේ තාත්තිටයි අම්මිටයි, ගොඩාක් පින්. ❤️

මම,
– එමාෂා සෙනෙවිරත්න 🌸

Previous articleඉවොන් තවමත් ඔයා මා ළඟ වගෙයි – වියෝවෙන් වසර 20 කට පසු සොයුරිය කැරොලයින් ගෙන් ලිපියක්
Next articleමෙන්න මිනිස්සු… මේ පුංචි ලංකාවේ තාමත් මනුස්සකම අතින් පොහොසත් උතුම් රත්තරං මිනිස්සු ඕනි තරම් ඉන්නවා. හරියට මේ වගේ..!
error: Content is protected !!
Verified by MonsterInsights