Home දේශිය පුවත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන දුර බැහැර ඉදන් එන මිනිස්සුන්ට හෙවණක් හැදුව කහද...

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන දුර බැහැර ඉදන් එන මිනිස්සුන්ට හෙවණක් හැදුව කහද අමරබුද්දි හාමුදුරුවෝ

0
116

ශල්‍ය කර්මයකට මුහුණ දීල මං කරාපිටියෙ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර අරන් ඉන්න වෙලාවෙ මට අල්ලපු ඇඳේ හිටිය මනුස්සයගෙ ඇඹිලපිටියෙ පැත්තෙ…….එයා බලන්න ගෙදරින් ආවෙ ගෑණු මනුස්සයයි……අවුරුදු හතරක් පහක් විතර ඇති පුංචි කොළු පැටියෙකුයි….මේ අයගෙ ඇඳුම පැළඳුමේ ඉඳල ශරීර කූඩු දැක්කාම ⁣මට දැනුන එයාල ජීවිතය ගැටගහගන්න විඳින දුක…..
ලෙඩ්ඩු බලන වෙලාව අහවර වුනේ හවස හයට…..

අර අහිංසක කොලු පැටියත් අරගෙන ඒ ගෑණු මනුස්සය ගියා……

තාත්තෙ අපි හෙට උදේ එන්නම් හොඳේ…කියල පොඩි එකා යන්න ඉස්සර වෙලා ලෙඩාට වැන්දා….

දැන් රෑට ඇඹිලපිටිය බස් තියෙනවද……කියල මං ඒ ලෙඩා ගෙන් ඇහැව්වෙ ගාල්ලට යනකොට රෑ බෝ වෙන හන්ද…

නෑ මාත්තයො….උන්දැයි දරුවයි….අද රෑ ඔය මේ හරියෙ තියෙන පන්සලක නිදාගෙන ඉදල හෙට ඒවි මං බලල යන්න..අපි හේන් ගොවිතැන් කරල ජීවත්වෙන්නෙ මාත්තයො නිතරම යන්න එන්න අතේ මිටේ නෑ නොවැ……

ඔහු එහෙම කියල බුලත් කහට බැදිච්ච හිනාවක් මට දුන්නා…….

මට ඒ වෙලාවෙ කල්පනා වුනේ මේ මිනිස්සුකොච්චර අසරණද කියල ……පවුලක කෙනෙක් ලෙඩා දුකා වුනාම පවුලෙ අනිත් අය අසරණ වෙනවා තමා….

ඒත් මේ වගේ එදා වේල හොයාගන්න මහ පොලොව එක්ක හැප්පෙන ඈත හද්දා පි⁣ටිසර ගමක අහිංසක මිනිහෙක් ලෙඩෙක් වෙලා රෝහල් වාට්ටුවක නතර වුනාම…….ප්‍රශ්ණය බරපතලයි…….ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයන්නත් අමාරුයි…..

හැබැයි මට ඒ දුක දැනුනා…..ම⁣ට නිතරම අර පුංචි කොලු පැටියගෙ මූණ මතක්වුනා…..ඒත් අැත්තම කතාව අපි අනුන් වෙනුවෙන් …අනුන් නිසා දුක් වෙන්නෙ පැය ගාණයි……සමහර වෙලාවට විනාඩියයි දෙකයි..ඉන්පස්සෙ අපේ ජීවිතය එක්ක මුහුවෙනවා….වැඩි දෙනා එහෙමයි…..

ඒත් එහෙම හිතට දැනෙන දුක එහෙම අල්ලල දාල අමතක නොකරන හැබෑ මිනිස්සුත් මහ පොලොව මත හුස්ම ගන්නවා……ඔවුන් ඔවුනට දැනුන දැනෙන අනෙකාගෙ වේදනාබර කෙඳරිය වෙනුවෙන් මොනවම හරි කරන්න තමන්ගෙ වෙලාව …අතේ තියෙන මුදල……දහිරිය සම්පන්න කම ……වැය කරනවා…ඒ කැප කිරීම උත්තරීතරයි …විශිෂ්ටයි…..

සමහරු ඒ කැපකිරීම් කරන්නෙ නිහඬව……සිය සමීපතමයාටවත් නො⁣දැනෙන්න…..

ඒත් මට ලැබුණ තොරතුරකට අනුව…..ඔව් මං ඒ වගේ හාමුදුරු කෙනෙකුට කතා කෙරුවා….ඒ කහඳ අමරබුද්ධි පොඩි හාමුදුරුවො…….

අවුරුදු දොළහෙදි උළුවිටිකෙ ජයසුමනාරාමයේ පැවිදි දිවියට පිළිපන් අමරබුද්ධි පොඩි හාමුදුරුවො ඇමරිකාවෙ කැලිෆෝනියාවේ බුද්ධි විහාරයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ

කහඳ අමරබුද්ධි හාමුදුරුවො ඉතා ඉහල වටිනාකමකින් සිදු කර ඇති මේ සුවිශේෂී කැපකිරීම බුදුන්වහන්සේ වදාල දර්ශනය තුල සටහන් වී ඇති හා නිරූපනය වන මානුෂිකත්වයේ ගුණ සුවඳ ස්පර්ශ කරන බව කිවයුතුමය……

කරාපිටිය රෝහලේ සායන ප්‍රතිකාර ලබන ඈත දුර බැහැර ගම් දනව්වක වෙසෙන අයෙකුට හා ඔහුගේ බාරකාරයෙකුට නේවාසිකව නැවතී සිටින්නට සියළු පහසුකම් වලින් සම්පූර්ණ කාමර තිහකින් සමන්විත සුන්දර ගොඩනැගිල්ලක් ඉඳිකරන්නට අමරබුද්ධි පොඩි හාමුදුරුවන් කටයුුතු කර තියෙනවා…..
එහි නතරවන නේවාසිකයකයන්ට තුන් වේලම අාහාර නොමිලයේ ලබාදෙනවා…..0719992456

මෙවැනි උත්තරීතර පුන්‍යකර්මයන් පිළිබඳව සමාජයට එතරම් ඉක්මනින් දැනෙන්නේ නම් නැත…..

මරහඬ දී කෑ ගසා වෛරී ප්‍රකාශ දෙසමින් වාහිනී වල රඟපාන…. පාතාල මැර චණ්ඩිකම බෞද්ධකම ලෙස මේ ⁣මහ පොළොවේ පැල කරන්නට වෑයම් කරන “නාන්සේලා”ට නම් මේ පුන්‍යකර්ම අජීර්ණ වන්නටද හැක…….

ඒත් ………..

අමරබුද්ධි හිමියනි….අවසර……

මේ නම් බුදුන්වහන්සේ දුහුනන් වෙත පෑ මහා කරුණා ගුණයයි..බුදුුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයයි…එතුමානන්වහන්සේ වෙනුවෙන් සිදු කරන ලද්දා වූ අති උතුම් වූ මහා පූජාවයි…..

……මම ඔබවහන්සේගෙන් බුදුන් වහන්සේ දකිමි…..

දීඝායු……

✍ලොකුලියන ලොකු

Previous articleඔබ මහා ධනවතෙකු කරන ප්‍රභල ග්‍රහයෝගයක් මෙන්න.
Next articleඅම්මා දේශපාලනයක් කලේ නැහැ. නමුත් දේශපාලන වේදිකාවල තාත්තාගේ ඝාතනය බොහෝ අවභාවිතා වුණා. ඊට විරුද්ධවයි අම්මා නැගී සිටියේ. ” දැයෙන් සමුගත් ප්‍රේමකීර්ති අල්විස්ගේ බිරිඳ ගැන පුත් පූර්ණ තැබූ සංවේදී සටහන
error: Content is protected !!
Verified by MonsterInsights