Home දේශිය පුවත් ජනපති ගිය ගුවන් යානයේම ඔහුත් ගිහින්ද ? වරෙන්තු නිකුත් කල මන්ත්‍රී නාමල්...

ජනපති ගිය ගුවන් යානයේම ඔහුත් ගිහින්ද ? වරෙන්තු නිකුත් කල මන්ත්‍රී නාමල් ගැන දැන් ඇසෙන පුවත මෙන්න

0
83

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (29) දිනයේ මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ අද (28) දින පෞද්ගලික සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි.

ජනාධිපතිවරයා අද (28) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන්යානයෙන්ම නාමල් මන්ත්‍රීවරයාත් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා අද (28) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන්යානයෙන්ම නාමල් මන්ත්‍රීවරයාත් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද (28) දින වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

Source – dasatha Lanka News

Previous articleමේක නම් ඔයා කවදාවත් අහලා නැතුව ඇති.. ගෑස්ට්‍රයිටීස් වලක්වා ගන්න සුපිරිම විසඳුම් ටිකක් මෙන්න
Next articleරටක් ආදරේ කරන රොෂාන් සති අන්තේ ගත කරපු විදිහ දැක්කද ?
error: Content is protected !!
Verified by MonsterInsights