ඔහුගේ ඒ ආදරණිය ගායනයට ආදර නොකරන කෙනෙක් නැති තරම්..
නටනවා නම්, නටන්න වගේම ආදරයෙන් බැඳෙන්න පුළුවන් ගීත රැසකුත් ඔහුගේ ගී එකතුවේ තියනවා..
කවුරුත් ආදරේට මේ ගායකයාට කිව්වේ දින්නා කියලා.. දිනේෂ් ගමගේ, වර්තමානයේ ලයාන්විත හඬක් හිමි ආදරවන්තයෙක්..
මේ කියන්න යන්නේ දිනේෂ්ගේ උපන්දිනය වෙනුවෙන්, මුහුණුපොතේ ඔහුට ආදරයෙන් ලියැවුණු තවත් එක් සටහනක් ගැන කතාවක්..
“අද දිනේෂ් ගමගේ ගෙ බ’ත්ඩේ එක. දින්නා කෙටි කාලයකින් හිනිපෙත්තටම නැග්ග කොල්ලෙක්. දින්නාව ඒ තැනට ගේන්න දිනේෂ් ගමගේ ලොකු කට්ටක් කෑවා.
අපි හුඟ දෙනෙක් හීන දිගේ කොළඹ ආව අය. දිනේෂ් කොළඹ එන්නෙත් එහෙම. ප්‍රශ්නවලට උත්තර හොයාගෙන. ටැලන්ට් එකට තැනක් හොයාගෙන. ‘රචනය’ සිංදුවේ තියෙනවා දිනේෂ්ගේ ස්ටෝරිය. වැඩි දෙනෙක් අහලා නැතුව ඇති. නමුත් දිනේෂ් ඒක ඇඩ්‍රස් කරලා තියෙනවා. නුවරඑළියේම හිටියා නං සමහරවිට දිනේෂ් මේ වෙද්දී අල ගොවියෙක් වෙන්න තිබුණා. නමුත් ටැලන්ට් එක හොයාගත්තු නිසා දිනේෂ් අද එළ ආටිස්ට් කෙනෙක් වෙලා.
දිනේෂ්ව මම ඉස්සෙල්ලම දකින්නේ නමක් විදිහට. ‘මෙලඩි බයි දිනේෂ් ගමගේ’ කියලා, එක එක මියුසික් වීඩියෝවල. වස්ති සිංදුවල. සමහර වස්ති වීඩියෝවල. ‘අඩු කුලේ පර හැත්ත’ මියුසික් වීඩියෝ එකේ පැත්තකින් කොණ්ඩෙත් හද හද ෂේඩ්ස් දෙකක් දාගෙන තනි කලු ඇඳලා නටන දිනේෂ්ව මං දැකලා තියෙනවා. දිනේෂ් ගැන මම ඉස්සෙල්ලම හොයන්න පටන් ගන්නේ ‘ඔයයි මමයි’ සිංදුවත් එක්ක. ඒක ඇතුළේ තිබුණු ලව් ඇට් ෆස්ට් සයිට් කිචිය දැනෙන අමුතු හිතුවක්කාර ගතිය මාරම ලස්සනයි. අමුතු ෆීල්ගුඩ් වයිබ් එකක් දීපු සිංදුවක්. හඬ පද නද සේරම දිනේෂ්ගේ. හැබැයි ඒ වෙද්දී ‘තමරසා’ රිලීස් වෙලා තිබුණත් මම ඒක අහලා දැකලා තිබුණේ නෑ. නිජබිම නුවරඑළිය නිසා දිනේෂ්ට තියෙනවා ලොකුවටම ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එකක්. දිනේෂ්ගේ පෙනුමේ ඉඳන් දිනේෂ්ගේ මෙලඩි දක්වාම ඒක තේරෙනවා. මට ප’සනලි තියෙන කොලිවුඩ් ෆිල්ම් පිස්සුව නිසාත් දිනේෂ්ගේ මෙලඩි ටිකක් ඕනකමින් අහන්න හිතුණා. පස්සේ ටිකෙන් ටික දිනේෂ් ගමගේ වැඩෙනවා. වැඩවලදී දකිනවා. කොණ්ඩෙ කපන සැලෝන් එකේ සිට සන්ඩෙ හවස කොන්ස’ට් එකක් දක්වා එක එක තැන්වලදී මට දිනේෂ්ව මුණගැහෙනවා. අමුතු කල’ එකක් සහ ජීවිතේ දිනන්න උණක් තියෙන එකෙක් ඒ හැමතැනකදීම මං දැක්කා.
දිනේෂ් ගමගේ “දින්නා” වුණා. දිනේෂ් හදාගත්තු “දින්නා” ප’සෝනා එක ඉන්ඩස්ට්‍රියේ ඉස්සරහට එන්න සෑහෙන ලොකු හේතුවක් වුණා. මං එච්චරටම බිලීව් කරන්නැති වුණත් නිතරම “දින්නා දින්නා” කියලා කතා කරද්දීම දිනපු වයිබ් එකක් ඉබේටම එන එකත් දින්නාගේ ලක් එක විදිහට වැඩ කරන්නත් ඇති. ඒ නැතත් දින්නා කියන්නේ කැචී බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒකත් එක්ක දින්නා තමන්ගේ හැඩතල වෙනස් කරගත්තා.
දින්නා කියන්නේ එන්ටටේන’ කෙනෙක්. ක්‍රවුඩ් එකක් නටවලා ගන්න, ස්ටේජ් එකක් දෙදරවන්න, ඉන්න ඕන තැනක් ආතල්බර කරන්න, මරු මරු වදන් දෙසන්න ටැලන්ට් එකක් තියෙන, ප්‍රයිස් ටැග් එකක් තියෙන සෙලබල් අයිටම් එකක්. මියුසික් ඉන්ඩස්ට්‍රියේ බිස්නස් එන්ජින් එක පවතින්න අවශ්‍ය සාධක ගණනාවක සාධනීය එකතුවක්. නමුත් දින්නාට වඩා මම කැමති දිනේෂ් ගමගේට. දිනේෂ් ගමගේ කියන්නේ මියුසික් හොයාගෙන යන කොල්ලෙක්. ඒක හදිස්සියක් නැති, විවේකයක් ඇති සරල ස්ලෝ ගමනක්. දින්නා අතපය හෙළවෙන සිංදු කියනවා. දිනේෂ් හදවත නැළවෙන සිංදු කියනවා. එක තැනකට කොටු නොවී අන්ත දෙකක් ට්‍රයි කරමින් දිනේෂ් යන ගමන වෙනස්. ‘වෙරළු මල්’ ‘නෑසුණා’ වගේ තනිකරම ඩාන්සිං වයිබ් එක දෙන්න පමණක්ම වෙන් වුණු සිංදුවක් කරන්නත්, ‘දැනෙනා තුරු මා’, ‘වැහි බිදු වැටෙනවා නම්’ වගේ හෙනම ෆීල් කල්පවතින ලල් සිංදු කරන්නත් දිනේෂ්ට තියෙන ටැලන්ට් එක අගය කරන්න ඕනේ. සල්ලි හොයන්න දින්නාත්, මියුසික් හොයන්න දිනේෂ් ගමගේත් බැලන්ස් එකේ යූස් කරන්නේ කොහොමද කියන සමීකරණය සුළු කරපු දවසට දිනේෂ්ට ඇත්තටම ජීවිතේ “දින්නා” කියලා කියන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.
දිනේෂ්ට කොල්ලෝ කෙල්ලෝ කැමතියි. ඒ හා සමානවම දිනේෂ්ට කොල්ලෝ කෙල්ලෝ අකමැතියි. ක්ලැප් කරන තරමටම හිනාවෙන අයත් එමටයි. මට හිතෙනවා දිනේෂ් ගැන ස්පෙෂලි කොල්ලන්ට ජෙලක් එන්න දිනේෂ් ශනූ එක්ක යාළු වුණු එකත් තරමක හේතුවක් වෙන්න ඇති කියලා. කොච්චර නෑ කිව්වත්, “මොන පිස්සුද බං වැඩේමයි ඌ ගැන ජෙල වෙන්න” කිව්වත්, පිරිමි හිත් වැඩ කරන විදිහ එහෙමයි. මේ ඕන කෙනෙක්ට දිනේෂ්ට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මියුසික් ටැලන්ට් එකෙන්ම පමණයි. මනුස්සයෙක් උඩට යනවා කියන්නෙම ටාගට් වෙනවා වැඩියි. ඒක කොහෙත් පොදුයි. එතකොට තමයි පරිස්සමෙන් ගමනක් යන්න ඕනේ. දිනේෂ් ඒ ගැන තරමක් ෆෝකස් කළොත් මේ මියුසික් ෆීල්ඩ් එකේ තව දුර යන්න පුළුවන්.
මම ඕනකමින්මයි මේ හෑල්ලේ ‘දිනේෂ් දිනේෂ්’ කියලම ඇමතුවේ, මොකද ‘දින්නා’ නිසා දිනේෂ්ව යට යනවා දකින්න මං කැමති නෑ. දින්නා අවශ්‍යයි. ඒත් දින්නා දිනන්න නං දිනේෂ් අත්‍යවශ්‍යයි.
මං දන්නවා කීදෙනෙක් නං උඹේ ඔය ගමන ගැන, උඹ ගැන ප්‍රශ්න කළා ද කියලා.
අන්තිමට, කවුද පැරදි, උඹ දින්නා.
ඔහොම යං.
හැපි බ’ත්ඩේ, Dinesh Gamage!”
hiru gossip











