Home දේශිය පුවත් පොඩි දුව ට්‍රිප් එක ගිහින් එනකොට ඒ තුන්දෙනාම ජීවිතෙන් සමු අරන්.. රටක්ම...

පොඩි දුව ට්‍රිප් එක ගිහින් එනකොට ඒ තුන්දෙනාම ජීවිතෙන් සමු අරන්.. රටක්ම කතා කරන ඒ සිද්ධිය ගැන දැන් ඇසෙන කතාව

0
110

 

මේ කතාව ගැන අද බොහෝ තොරතුරු අහන්න දකින්න ලැබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක චම්පික නිලන්ත මහතා සිය නිවස තුළදීම සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය පවසනවා..

එමෙන්ම ඔහුගේ බිරිඳගේ මෙන්ම දියණියකගේ ද මළ සිරුරු නිවසේ තිබී හමුවූ අතර සිද්ධියෙන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි..

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක මෙන්ම එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වූ 52 හැවිරිදි චම්පික නිලන්තගේ මළ සිරුර අද අලුයම සොයාගෙන තිබුණා..

ඒ, පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙමහල් නිවසේ තිබියදීයී..

එම නිවසේ ඉහළ මහලේ කාමරයක් තුළ තිබී ඔහුගේ 44 හැවිරිදි බිරිඳගේ සහ පහළ මහලේ කාමරයක් තුළ තිබී 17 හැවිරිදි වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන තිබෙනවා..

චම්පික නිලන්ත ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය පැවසුවා..

චම්පික නිලන්ත මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මරණවලට ද හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ..

චම්පික නිලන්තට වයස අවුරුදු 12ක තවත් දියණියක සිටින අතර ඇය සිද්ධිය වන අවස්ථාවේ චාරිකාවකට සහභාගී වී තිබෙනවා..

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා..

මහනුවර මහසේත්‍රාත්වරයා පැමිණ මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලබනවා…

Previous articleරුසියාවට භූ කම්පනයක්..! මුහුදු රළ අඩි 13ක් උසයි..! ජපානයටත් අන.තුරු ඇගවීම්… උදෙන්ම ඇසෙන හද කම්පා වෙන පුවත මෙන්න
Next articleඅවසන් ගමනට පෙර සංවේදී සටහක්…” යටිනුවර විපක්ෂ නායක ලියූ ලිපියක් හමුවෙයි
error: Content is protected !!
Verified by MonsterInsights