Home සයුරෙන් එහා පුවත් ලොවක් දිනූ ඇය දිවි ගමනින් සමු ගනී ! හද කම්පා කරවන ඒ...

ලොවක් දිනූ ඇය දිවි ගමනින් සමු ගනී ! හද කම්පා කරවන ඒ පුවත මෙන්න

0
51

 

ජර්මනියේ ද්විත්ව ඔලිම්පික් ශූරිය සහ බයත්ලෝන් ක්‍රීඩිකාව වූ ලෝරා ඩොල්මයර්, පාකිස්තානයේ කඳු නැගීමකදී සිදු වූ අනතුරකින් මියගොස් තිබෙනවා.

ඇගේ කළමනාකාරිත්වය සහ පකිස්තාන බලධාරීන් මේ බව නිළ වශයෙන් තහවුරු කරා.

මෙම අනතුර සිදු වූයේ, ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදියී.

අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

පර්වත කඩා වැටීමක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ අතර, එදින පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා මෙම පර්වත කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් එදින පැවති කාළගුණ තත්වය හ දුර්වල ආලෝක තත්වය නිසා ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා පැමිණි හෙලිකොප්ටර් යානයට පසුව දා උදෑසන වන තෙක්ම එම ස්ථානයට ලගා වීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින කණ්ඩායම් ද එක්ව තිබෙනවා.

ඊයේ (30) සිදු කළ බේරා ගැනීමේ මෙහෙයුම්වලින් ඩාල්මියර් හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවයි.

Previous articleදියවැඩියාව නැත්තටම නැති කරන කන්න අකමැතිම කරවිල ගැන ඔබ නොදත් විශ්මිත බෙහෙතක් මෙන්න
Next articleදිනකට පියවර 7000ක් ඇවිද්දොත් ඔයාටත් මේ ප්‍රතිඵල අත්විඳින්න පුලුවන් ! ලෙඩ රෝග නැතුව සුවෙන් ඉන්න කැමති නම් මේ ලිපිය බලන්න
error: Content is protected !!
Verified by MonsterInsights