“මං බලාපොරොත්තු වෙන්නේ එහෙම සැමියෙක්…” කාගේත් ආදරය දිනාගත්ත සුරූපී අභිලාෂි මේ කියන්නේ කවුරු ගැනද..?

“මං බලාපොරොත්තු වෙන්නේ එහෙම සැමියෙක්…” කාගේත් ආදරය දිනාගත්ත සුරූපී අභිලාෂි මේ කියන්නේ කවුරු ගැනද..?

 

ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී තාරකාවක්.. අභිලාෂි සන්තුෂ්කි.. කවුරුත් ආදරය කරන ඇය මේ කියන්නේ මොනවාද..?

කාලෙකට පස්සේ කතාබහකට එක්වුණු ඇය ඇත්තෙන්ම මේ කියන්නේ ආදරේ ගැනද..?

යුවතියක් ලෙස ඔබ ජීවිතය දකින්නේ කොහොමද..?

මට දැන් අවුරුදු විස්සක්.. මගේ ජීවිතේ මට ලැබුණ සහ නොලැබුණ දේවල් එක්ක මන් ආව දුර ගැන මන් හදවතින්ම සතුටු වෙනවා.. දැන් තමයි දැනෙන්නේ ජීවිතේ බර ටික ටික වැඩි වෙනවා කියලා.. මේ වෙනකල් අම්මා, තාත්තා හැමදේම කරල දුන්නා.. අපි ලොකුවෙනකොට අපේ අරමුණු පස්සේ යනකොට ජීවිතේ මුහුණ දෙන්න වෙන අභියෝග ගොඩක් වැඩියි.. ඒ අභියෝගවලට ලස්සනට මුහුණ දෙන්න ඕනෑ.. ඒකතමා අපේ ජීවිත ඇතුළේ වෙන්න ඕන දේ..

කාන්තාවක් වුණාම ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන්නම ඕන.. මටත් මගේ ජීවිතේ ඇතුළෙ හොඳ ශක්තිමත් ගැහැණු කෙනෙක් වෙන්නයි ඕන..

ඔබ දකින හීනවලට යන්න, ඔබ කොහොමද කටයුතු කරන්නේ..?

පුංචි කාලේ ඉඳල තිබ්බ එකම ආසාව රංගන ශිල්පිනියක් වීම. ඒ හීනය සැබෑ කරගන්න මන් පුළුවන් හැමදේම කරා. පුංචි කාලේ ඉඳලා ඩ්‍රාමා ස්කූල්වලට ගියා, රංගන වැඩමුළු වලට සහභාගී වුණා. රංගනය කියන්නේ මොකක්ද කියන දේ හරියට හොයාගන්න මන් ගොඩක් මහන්සි වෙලා ආසාවෙන් ඒකට වැඩ කළා. රංගනය කියන ගැඹුරු විෂය ඇතුළෙ මැරෙනකල්ම දේවල් ඉගෙනගන්න තියෙනවා. තමන් ආස දේට මහන්සි වෙන්න ඕන, කැපවෙන්න ඕන, ඒකට ආසාවෙන් වැඩ කරන්න ඕන. මට ඕන දවසක දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න. මම සාමාන්‍යයෙන් වැඩ ගොඩාක් එකපාර භාරගන්නේ නෑ. මට ඕන භාර ගන්න එක වැඩක් හරියට, මගෙ නම තියන්න පුළුවන් විදියට කරන්න. ඒ වගේම මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්නත් මන් හීන දකිනවා. මගෙ තවත් හීනයක් තියෙනවා. මට මනෝ වෛද්‍යවරියක් වෙන්න ඕන. ඒ සඳහාත් මන් ඉගෙනීම් කටයුතු කරගෙන යනවා රංගනය හා සමානවම. මන් ගොඩක් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න, සතුටින්, ආදරෙන් ඉන්න.

ෆැශන් ගැන ඔබ මොකද හිතන්නේ..?

මගේ ජීවිතේ මං ආසම දෙයක්. මගෙන් කවුරු හරි හොබී එක විදියට ඔයා එකතු කරන්නේ මොනාද කියල ඇහුවොත් මම දෙන උත්තරය තමා ඇඳුම්. මම මගේ ඇඳුම් ඩිසයින් කරනව තනියම. මට ඕන විදියට ඩිසයිනර්ස්ලට කියල මගෙ ඇඳුම් හදාගන්නවා. මම පාට පාටින් ඇඳුම් කලෙක්ශන්ස් තියාගෙන ඉන්නවා. මම අවස්ථාවට උචිත විදියට සංවර බවක් තියාගෙන ඇඳුම් අඳින්න, ෆැශන් කරන්න කැමතියි. මම ආසම ඇඳුම තමා සාරිය. ඔසරිය. මන් හිතනව මට ගැළපෙනම ඇඳුම තමා ඒක.

විවාහය ගැන මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ..?

තවම ප්‍රේම සම්බන්ධයක් නැතිනිසා ලොකු අදහසක් නැහැ. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා මන් බැන්දොත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. පිරිමියෙක් නම් ඔහුට පුළුවන් වෙන්න ඕන ගැහැණියකට ගරු කරන්න. මන් බලාපොරොත්තු වෙන්නේ එහෙම සැමියෙක්. මගේ අම්මයි තාත්තයි අතර මන් ඒක දකිනවා. ඒ දෙන්න අතර ලොකු විශ්වාසනීය බැඳීමක් තියෙනවා. අම්මා තාත්තා වගේම ආදරයත් එක්ක හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් බැඳීමකට මන් ආසයි.

තරුණ පරපුරේ යුවතියන්ට ඔබට කියන්න දෙයක් ඇති?

සාර්ථක වෙන්න උත්සාහ කරන්න හැමවෙලේම. ඒක ගොඩක් වැදගත් කාන්තාවකට. උත්සහය, අධිෂ්ඨානය,කැපවීම එක්ක හරි පරිස්සමට තමන්ගෙ ගමන යන්න. අපි සාර්ථක වෙමින් නම් ඉන්නේ අපිට එල්ල වෙන විවේචන,ගල්මුල් ප්‍රහාර වැඩියි. කිසිම හේතුවක් නොමැතිව එන විවේචන දිහා බලලා, ගන්න දෙයක් තියෙනවා නම් ඒක ජීවිතයට එකතු කරගෙන, අනිත් දේවල් ජීවිතෙන් බැහැර කරන්න.

Local Gossip