Home දේශිය පුවත් පෞරාණික සිරිතට දළදා වහන්සේට මී පැණි පූජා කල වන්නිලැත්තෝ… මේ ගැන ඇසෙන...

පෞරාණික සිරිතට දළදා වහන්සේට මී පැණි පූජා කල වන්නිලැත්තෝ… මේ ගැන ඇසෙන උතුම් පුවත මෙන්න

0
33

 

දඹානේ ආදිවාසි ජනතාව විසින් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව අද දින ශ්‍රී දළදා මාලිගාවේදී සිදු වුණා.

සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින සිදු කරනු ලබන පෞරාණික චාරිත්‍රයක් වශයෙන් මෙය සැළකේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ප්‍රමුඛ කණ්ඩායම පිළිගැනීමෙන් අනතුරුව මීපැණි පූජාව, දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම සිදුකරන ලදී.

මීපැණි පූජාවෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍යාග ඔවුන් වෙත පිරිනැමීද සිදුවිය.

සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජා‍වන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි.

මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය.

ඡායාරූප – ශ්‍රී දළදා මාලිගාව

Previous articleමගේ ලෝකයේ රජුන්ට සුබ උපන්දිනයක්” – තාත්තා වෙනුවෙන් ජනිත් එක්කළ ආදරණිය සටහන…
Next articleඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ
error: Content is protected !!
Verified by MonsterInsights