Home සයුරෙන් එහා පුවත් රසිකයින් බලාසිටි ඒ දවස උදාවෙලා.. රොනාල්ඩෝගේ බිරිඳගෙන් ඒ ගැන විශේෂ සටහනක්.

රසිකයින් බලාසිටි ඒ දවස උදාවෙලා.. රොනාල්ඩෝගේ බිරිඳගෙන් ඒ ගැන විශේෂ සටහනක්.

0
60

 

මේ කියන්න යන්නේ ලෝකයක් කතා කරන ඔහු ගැන කතාවක්..

සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නිරූපිකාවක් වන ජෝර්ජිනා රොඩ්‍රිගස් වසර අටක පෙම් සබඳතාවයකින් පසු විවාහ ගිවිසගෙන තිබෙනවා..

ලොවක් කතා වෙන මේ විවාහයෙන් පස්සේ රොනාල්ඩෝගේ බිරිඳ ජෝර්ජිනා ඇගේ ඇඟිල්ලේ පැළඳි දිලිසෙන මුදුවේ ඡායාරූපයක් සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් එක්කර තිබුණා..

එම ශීර්ෂ පාඨය බොහෝ මාධ්‍ය විසින් ඉංග්‍රීසි බසින් දක්වා තිබුණේ “Yes I do. In this and in all my lives” ලෙසයි..

2016 වසරේ සිදුවූ මොවුන්ගේ මුණගැසීමෙන් පසු 2017 දී ඔවුන්ගේ සම්බන්ධතාවය ප්‍රසිද්ධියට පත් වූ දා සිට රොනාල්ඩෝ සහ ජෝර්ජිනාගේ රසිකයන් වඩාත් කතා බහට ලක්වුණේ මේ දවස උදාවෙන තෙක් කිව්වොත් හරි..

කෙසේ වෙතත් මේ වන විට රොනාල්ඩෝ සහ ජෝර්ජිනාට දරුවන් හතර දෙනෙක් සිටිනවා..

 

Previous articleමෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕනද..? දුප්පත් මිනිස්සුන්ට දෙන්න බැරි ද? කියලා අහන අයට දෙන්න මෙන්න මේ පිළිතුර..!
Next articleපයිතගරස් යනු පුණ්ණ හිමියන්ද ? ඔබ නොඇසූ කතාවක් මෙන්න !
error: Content is protected !!
Verified by MonsterInsights