කමල් අසනීප වුණ කතාවේ ඇත්ත මොකක්ද? ඒ වීඩියෝව හැදුනේ කොහොමද? ඇත්ත නැත්ත මෙන්න…

කමල් අසනීප වුණ කතාවේ ඇත්ත මොකක්ද? ඒ වීඩියෝව හැදුනේ කොහොමද? ඇත්ත නැත්ත මෙන්න…

 

 

විශිෂ්ට රංගන ශිල්පීයකු වූ කමල් අද්දර ආරච්චිට සම්බන්ධ අමුතුම විදියේ ආරංචියක් පහුගිය දින කීපය පුරාම වැඩි දෙනකුගේ කතාබහට ලක් වී තිබුණා.

මේ ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඔහු දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. ඊට මූලිකම හේතුව වී තිබුණි රෝහල් ඇඳක් මත අපහසුවෙන් යුතුව නිදා ඉන්නා කමල්ගේ වීඩියෝවක් පවා ඊට අන්තර්ගත වී තිබුණ නිසයි.

ඉතින් මේ වීඩියෝව දුටු කමල්ට හිතවත් හැමෝම ඔහුට ඉක්මන් සුවය පතා ලියූ සටහන් රැසක් ෆේස් බුක් එහෙමත් නැත්නම් මුහුණු පොතේ පැහැදිලිව දක්නට ලැබුණා. ඒ වගේම ඒ වීඩියෝව ඉවක් බවක් නැතිව හුවමාරු වෙන විදියත් අපි දැක්කා.

මේ අාරංචියේ ඇත්ත මොකක්ද ? කමල්ට අපි කතා කළා.

මේක ඇත්තටම ඖෂද හේමන්ත කියන තරුණා ගායන ශිල්පියාගේ ගීතයක් වෙනුවෙන් කළ රංගනයක්.”හිරු කිරණ තාත්තා” කියන ගීතයට මම තාත්තෙකු ලෙස පෙනී හිටියා. මේ රූපගත කිරීම අතරතුරේදී තමයි අපි කාගෙන්වත් අවසරයක් නැතුව,කොටින්ම මගේ ඇනු දැනුමක්වත් නැතුව ඒ ළඟ හිටපු කෙනෙක් මේ දර්ශණය රූපගත කරලා සමාජ මාධ්‍යයට දමා තිබුණා. මේක බොහොම වැරදි වැඩක්..අදාළ පුද්ගලයා සිඟිති ආතල් එකක් ගන්න මෙහෙම දෙයක් කරන්න ඇති. ඒකෙන් අමාරුවේ වැටුණේ මම.මේ වැඩේ සදාචාර සම්පන්න නැහැ. මේ වගේ බොරු වීඩියෝ මෙහෙම දාන්න හොඳ නෑ.

කමල් කියන්නේ පුවත් මවන්නෙක්.ඔහු හැරුණත් ඒක අපේ රටේ අයට ප්‍රවෘත්තියක් වෙනවා.ඒ නිසා කමල් දැන් හැරෙන්නෙත් දෙවරක් තුන්වරක් හිතලා.

“ඇත්තටම මේ ආරංචියත් එක්ක මගේ රසික රසිකාවියෝ ගොඩක් කලබල වුණා. ඒගොල්ලෝ කලබල නොවී ඉඳීද මමත් ඒක දැකලා කලබල වුණානේ.

කොහොම වුණත් මේ වෙලාවේ ඒ කලබල වෙච්ච හැමෝටම වගේ මට සුවය පතලා අකුරක් හරි ලියපු හැමෝටම මම ආදරෙයි කියනවා.ඒ අය මට කොයි තරම් ලෙන්ගතුකමක් දක්වනවාද කියලා මම එයින් තේරුම් ගත්තා.

හැබැයි ඉතින් මේ වීඩියෝව දැකලා කලබල වෙච්ච අපහසුතාවයට පත් වෙච්ච හැමෝගෙන්ම මම සමාවත් ඉල්ලනවා මොකද මේකෙන් ඔවුන් යම් අපහසුතාවයකට පත්වෙච්ච හින්දා.ඇත්තටම මේ වගේ දේවල් කරන්න කලින් දෙවරක් හිතන්න කියලත් මම එහෙම කරන අයගෙන් කාරුණිකව ඉල්ලා හිටිනවා.

කොහොම වුණත් කමක් නෑ ඉදිරියේදී ඕෂද මල්ලි හදපු සින්දුව ඔයගොල්ලන්ට දැක බලා ගන්න ලැබේවි.ඒකෙන් කියන්නේ තාත්තා කෙනෙක්ගේ අනූපමේය ආදරය ගැන.කැපවීම ගැන. මං හිතනවා අපේ රටේ ඉන්න හැම තාත්තා කෙනෙකුටම මේ ගීතය උපහාරයක් වේවි කියලා.
ලිවුවේ සමන්…

Local Gossip