Home දේශිය පුවත් අහිංසක මල් කැකුලකට අත් වූ සංවේදී ඉරණම… මේ සිද්ධියේ වරද කාගේද ?...

අහිංසක මල් කැකුලකට අත් වූ සංවේදී ඉරණම… මේ සිද්ධියේ වරද කාගේද ? හෙට්ටිපොලින් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

0
238

තාමත් හරියට ලෝකය දැක නැති පුංචි රෝස මලක්.. ඒත් අද ඇයට අකාලයේ මිලින වෙන්නවෙලා..

ඇගේ ජීවිතය උදුරාගත් ඒ වරද ඇත්තේ කා අතේද..? මේ කඳුළු කතාව ඇසෙන්නේ හෙට්ටිපොළ ප්‍රදේශයෙන්..

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින් අසල නිවසක සිටි දැරියකට වැදී මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසිනුයි සොයාගෙන ඇත්තේ..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..

සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..

Previous article” රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නැ…”ඔහු කරලා තියෙන්නේ පියුමිට ලොකුම වංචාවක්… රඟපාන ප්‍රගීත් ගැන පියුමි කියපු සැර කතාව මෙන්න…
Next articleජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ශ්‍රි ලාංකීය අභිමානය… ඩිලන්ත මාලගමුවට ලැබුනු මේ වටිනා සම්මානය මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights