Home දේශිය පුවත් ශ්‍රී ලාංකීය වනිතාභිමාන අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූ වේදිකාවේ රිදී සීනුව වූ ඇය...

ශ්‍රී ලාංකීය වනිතාභිමාන අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූ වේදිකාවේ රිදී සීනුව වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න

0
85

මා කියවූ පළිඟු මැණිකේ…
ඇය, වේදිකාවේ රිදී සීනුවයි.
පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ, හෙළ ලලනාවගේ විකාශනයයි.
ධම්ම ජාගොඩයන් හා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ඇසුරේ පෝෂණය වූ ඇය, වේදිකාවේ දිග පළල හොඳින් හඳුනයි.
මනමේ කුමරිය, පත්තිනි දේවිය, රූපවතී, දික්තලා, පළිඟු මැණිකේ, මේබල් ආදී භූමිකාවන් හරහා ලාංකේය කාන්තාවගේ නේක හැඩතල, ඇය මෙරට ජන විඥානයට සමීප කළා…
රංගනය රංගනයක් කර නොගත් ඇය, සෑම චරිතයකටම ස්වභාවිකත්වයේ වර්ණාලේප කළේ, ජීවිතය සහ කලාව දෙකක් නොව එකක් බව, ප්‍රේක්ෂකාගාරයට ඒත්තු ගන්වමින්.
1987 වසරේදී ඇරඹි කලාසූරී සම්මානයෙන් ප්‍රථම වරට පිදුම් ලැබූ මෙරට ළාබාලතම රංගන ශිල්පිනිය වන්නේ ද ඇයයි.
රංගනය, ගායනය, නර්තනය ආදී වූ සකල කලාවන් එක ලෙස ප්‍රගුණ කළ ඇගේ ලාලිත රීතිය, පසු පරම්පරා ගණනාවක් ගුරු කොට ගත්තා.
වේදිකාවේ ද, ගුවන් විදුලියේ ද, රූපවාහිනියේ ද, සිනමාවේ ද, මුල් පුරුක් අතර සිය නාමය රැන්දූ ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක මහත්මිය, ශ්‍රී ලංකා වනිතාභිමාන, අභිනන්දන සම්මානයෙන් පිදුම් ලබන වගයි.
~ තිලක්ෂණී මධුවන්ති ~
{ තිලාමධූ }

උපුටා ගැනීමකි..

Previous articleඇයට ලැබුණු ත්‍යාග මුදල වංචා කළේ කවුද..? වියපත් කතකට හිමිවූ කෝටි නවයකට අධික මුදලක්… වංචා කළ අය අතරට, අලෙවි නියෝජිතයාත් ‍එක්වෙයි..
Next articleමේ දවස්වල හැමෝම කතාවෙන නදීමාල්ගේ අසලියා කුමාරිගේ ලස්සන මෙන්න බලන්නකෝ..
error: Content is protected !!
Verified by MonsterInsights