‘ විනාඩි 10ක් විතර ඒ ළමයගේ අම්මා එනකක් බස් එක නවත්තගෙන හිටියා… එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා..’ කුරුණෑගල ඉදන් නිකවැරටියට යන CTB බස් එකේ වුනු අපූරු සිදුවීම මෙන්න

‘ විනාඩි 10ක් විතර ඒ ළමයගේ අම්මා එනකක් බස් එක නවත්තගෙන හිටියා… එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා..’ කුරුණෑගල ඉදන් නිකවැරටියට යන CTB බස් එකේ වුනු අපූරු සිදුවීම මෙන්න

වෙලාව රෑ 9.30ට විතර ඇති. කුරුණෑගල ඉඳන් රෑ 8.40ට නිකවැරටියට යන NB – 9739 CTB බස් එක.

අවු.20ක විතර (පෙනුමෙන් කීවෙ 🤐) ගෑණු ළමයෙකුට බහින තැන පහු වෙලා දුවගෙන ඉස්සරහට ආවා. පාදෙණියෙන් බහින්න ඉඳල තියෙන්නෙ, බස් එක අවුලේගමට ඇවිත්. ආපහු පාදෙණියට යන්න බස් එකක් නෑ.
ඊට පස්සෙ බස් එකේ driver මහත්තයම ඒ ළමයගෙ අම්මට කතා කරලා බස් එක තියෙන තැන කියල එක්කන් යන්න එන්න කිව්වා. බස් එකේ සෙනඟත් හිටියා 60කට වැඩිය. Driver මහත්තයා ඒ ගෑණු ළමයව රෑ පාළු පාරෙ දාල ගියෙ නෑ විනාඩි 10ක් විතර ඒ ළමයගෙ අම්මා එනකම් බස් එක නවත්තගෙන හිටියා ❤️
බස් එකේ මිනිස්සුත් දාඩිය පෙර පෙර හිටියා මිසක් වචනයක්වත් කීවෙ නෑ ❤️

ඒ driver මහත්තයාට 🫡🌹
එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා ❤️

ඒ ගෑණු ළමයා මේක දැක්කොත් ඒ driver මහත්තයට thanx කරල යන්න 😌

Supun wijesooriya

Local Gossip