Home දේශිය පුවත් එදා අලිමංකඩ මහ යුද පිටියේ හසලක එක්ක ගේමට බැස්ස කවුරුත් නොදත් වීරයෙක්...

එදා අලිමංකඩ මහ යුද පිටියේ හසලක එක්ක ගේමට බැස්ස කවුරුත් නොදත් වීරයෙක් ගැන ඇසෙන කතාව මෙන්න

0
101

එදා අලිමංකඩ මහ යුධ පිටියේ, වැඩිය කතා බහට ලක් නොවුන වීරයෙක්. ❤️🫡
——————————————————–
නමින් ඔහු වර්ණකුල වීරසූරිය ජයතිලක ක්‍රිස්ටි පීටර් රොවෙල්. උපන් ගම පූගොඩ – තරාල. එදා අලිමංකඩ කඳවුර විනාශ කිරීමට කොටින්ගේ බුල්ඩෝසරය කඳවුර තුලට ඒමට උත්සහ කල අවස්ථාවේ, එදින කඳවුරේ ගේට්ටුවේ මුර සේවයේ, සිටියේ අපි කවුරුත් දන්න හසලක ගාමිණී සහ කවුරුත් නොදන්න මේ අපගේ කතා නායකයයි. ඔවුන් දෙදෙනාම එදා කඳවුර බේරාගැනීමට ඉමහත් සේවයක් කලේය. නමුත් ඔහුට ඔහුගේ ජීවිතය තව දුරටත් විඳීමට වාසනාව තිබුනි. එදා සාමාන්‍ය සෙබළෙකුව සිටි ඔහු, අද විශ්‍රාම සුවයෙන් කල් ගත කරයි.
ඔහු විශ්‍රාම යාමේනුත් අවුරුදු කීපයකට පසුව, ඔහු සොයා පැමිණි පුවත්පත් මාධ්‍යවේදීයෙකුගේ සටහනක් පිංතූර වල දැක්වේ. ඔය පුවත්පත කියවූ කීපදෙනා සහ අප හැරෙන්න, ඔහුව දන්න කිසිවෙකු නැත. සමහර විට එදා ඔහුත් ජීවන ගමනට සමුදුන්නේ නම්, ඔහුගේ නමත් සමහර විට තරාලේ ක්‍රිස්ටි ලෙස හැමෝම දැන ගන්නට ඉඩ තිබුනි. මාගේ ඥාති සහෝදරයෙකි. එම නිසා පල කරන්න සිතුනෙමි. මට ඔහු වීරයෙකි. ❤️🫡
📷 Don Umesh Danushka ✍️
________________________
,
උපුටා ගැනීමක්.

Previous articleජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ගැන ඇසෙන බොහෝ දෙනා තවත් නොදත් දුක්බර කතාවක් මෙන්න
Next articleකොත්මලේ ජලාශයට මුලින්ම වතුර පුරවන වෙලාවෙ ඕතලාව පංසලේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපය – යටවී ගිය අපේ ඉතිහාසය ගැන ඇසෙන ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights