Home දේශිය පුවත් බෙංගාලි භාෂාවත් එක්ක අමන්ද්‍යා කරපු අලුත්ම වැඩේ..! ‘ගිරාගේ දුව’ අමන්ද්‍යා උත්පලී වෙච්ච...

බෙංගාලි භාෂාවත් එක්ක අමන්ද්‍යා කරපු අලුත්ම වැඩේ..! ‘ගිරාගේ දුව’ අමන්ද්‍යා උත්පලී වෙච්ච ඉක්මණ.!

0
102

 

 

ඉස්සර අපි ඇයව හදුන්වලා දුන්නේ ‘ගිරා’ගේ දුව කියලා. දැන් නම් එහෙම කියන්න අවශ්‍ය නැහැ.

ඒ් ඉන්නේ ‘අමන්දා උත්පලී’ කියල කෙළින්ම අපට ඇයව හදුන්වල දෙන්න පුළුවන්. ඒ තරමටම ඇය තමන්ගේ හැකියාවෙන් නමක් හදාගෙන ඉවරයි. ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ගායිකාවක් හැටියට අමන්දා දැන් මිනිස්සු අතරට ගිහින් ඉවරයි.
ඊයේ ඇය තමන්ගේ කලා ජීවිතේ තවත් කඩඉමක් පැන්නා. ඒ් අමුතුම විදිහේ ගීතයක් යූ ටියුබ් අවකාශයට මුදාහැරලා.

ඉතින් මේ ගැන අහන්න හිතාගෙන අපි ඇයට කතා කළා.

“ඊයේ තමයි මම මගේ හඩින් ගැයුණු Monta Re Folk කියන ගීතය රිලීස් කළේ. ඒකට මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර මාරයි. ඉතින් ඒ් නිසාම මට ප්‍රතිචාර දක්වපු හැමෝටම ‘ස්තූතියි’ කියන්න.

මම මේ ගීතය කළේ අත්හදා බැලීමක් හැටියට. මොකද මම හුගාක් කැමතියිනේ ජනගී වලට. සහන් රන්වල සර්ගේ කණ්ඩාමේ ඉදගෙන මම තවමත් ඒ් විෂය ඉගෙන ගන්නවනේ. ඉතින් ජන ගී ඇසුරින් ගීතයක් කරන්න හිතාගෙන සිටි මොහොතක තමයි මේ ගීතය කළ යුතුයි කියන අදහස මට ඇතිවුණේ.

මේක Lootera ෆිල්ම් එකේ ගීතයක් මීට පෙර මේ ගීතයට සම්බන්ධ cover variations කරල තිබුණා. ඉතින් මමත් මගේ හඩින් මේ ගීතය ගායනා කළා. ඒ් මම මේ ගීතයට කැමති නිසා. මේ ගීතය නිර්මාණය කරල තියෙන්නේ බෙංගාලි ජන සංගීතය ඇසුරු කරගෙන. මම අහලා තියෙනවා අපේ ජන සංගීතය සහ බෙංගාලි ජන සංගීතය අතර සම්බන්ධතාවයකුත් තියෙනවා කියලා. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක කරන්න තවත් එක හේතුවක් වුණේ.

Previous articleජීවත්ව හිටිය නම් විජයට 80 යි.! ඔන්න ඒ් දවස සමරන්නත් හැමෝම එකතු වෙලා..!
Next article” දිගාමඩුල්ලේ දිය කිඳුරිය ඇයයි ” මෙන්න බලන්නකෝ විස්තරේ …
error: Content is protected !!
Verified by MonsterInsights