Home දේශිය පුවත් පණ්ඩිත් අමරදේව අසපුවට මොකද වුණේ..? අළු තැන්පත් කළෙත් මිය ගිහින් වසර 7...

පණ්ඩිත් අමරදේව අසපුවට මොකද වුණේ..? අළු තැන්පත් කළෙත් මිය ගිහින් වසර 7 කට පසුව..!

0
109

 

 

අපේ රටේ සිටි විශිෂ්ටතම සංගීත ශිල්පියා කවුද කියල ඇහුවොත් දෙවරක් හිතන්නේ නැතිව හැමෝම කියයි ඒ් වෙන කවුරුත් නෙමෙයි, පණ්ඩිත් අමරදේවයන් කියලා. ඔහු මේ ගෞරවය ලබා ගත්තේ තමන් තුළ ඇති හැකියාව දිනෙන් දින වර්ධනය කර ගනිමින්.

විශේෂයෙන්ම ඉන්දියවේ භාත්ඛණ්ඩ සංගීත ආයතනයෙන් ඔහු ලබාගත් දැනුම අති විශාලයි. වරක් ඔහු මුළු ඉන්දියාවේම සිසුන් නියෝජනය කරන තරගයකින් ප්‍රථම ස්ථානය ලබාගන්නේ සියලු ගුරුභවතුන් පුදුම කරමින්. ඒ් කාළේ ඉන්දියාවේ වගේම ලංකාවේ පුවත්පත්වලද මේ ජයග්‍රහණය ගැන සදහන් වූ බවත් වාර්තා වෙනවා. අද වගේ තාක්ෂණය දියුණු වී තිබුණා නම් මුළු ලෝකයම අමරදේව ශිෂ්‍යයා ගැන කතා කරනවා.

මේ වගේ යුග පුරුෂයෙක් ගැන තව බොහෝ දේ කතා කරන්න පුළුවන්. ඒ්ත් අද අපි මේ කියන්න හදන්නේ ඔහුගේ වියෝවෙන් පසුව සිදුවූ තවත් කතාවක්.

අමරදේවයන් මිය යන්නේ 2016 නොවැම්බර් 03 වැනිදා. ඒ් වෙද්දි ඔහුගේ වයස අවුරුදු 88 යි.

දිවි ගමනට සමුදෙන්නට කලින් එවකට තිබූ රජය මේ විශිෂ්ට කලාකරුවාට කරන උපහාරයක් හැට්යට ‘අමරදේව පර්යේෂණ හා සෞන්දර්යය කේන්ද්‍රය එහෙමත් නැත්නම් ‘අමරදේව අසපුව’ නමින් ආයතනයක් ගොඩ නගන්න සුදානම් වෙනවා. ඒ් සංගීතයට හා නර්ථනයට හිතැති දරුවන් වෙනුවෙන්. ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින්.

නමුත් පණ්ඩිත් අමරදේයන්ගේ මරණින් පසුව මේ ආයතනයේ වැඩ කටයුතු නවතිනවා. ඒ් විතරක් නෙමෙයි, එවකට සිටි බලධාරීන් මේ ගාන්ධර්වයාණන්ගේ භෂ්වාවශේෂ එම ආයතනය ඉදිවෙන පරිශ්‍රයේ තැන්පත් කරමුයි කියන යෝජනාව පවා ක්‍රියාත්මක නොවී දිනෙන් දින ඉදිරියට ඇදෙනවා.

ඔය විදියට අවුරුදු හතක් ඉදිරියට කාලය ඇදී යද්දි, මේ සම්බන්ධව බොහෝ විවේචන හා අදහස් මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. අවසානයේදී මල් ශාලාවක තැන්පත් කර තිබුණු
මේ ගාන්ධර්වයාගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, ‘අපේ ගම’ ආසන්නයේ ඇති රොහිනා මාවතේ ‘අමරදේව අසපුව’ ඉදිවෙන ස්ථානයේ තැනපත් වෙන්නේ අවුරුදු හතකට පසුව.

එහෙම නම් දැන් මේ අසපුවට මොකක්ද වෙන්නේ..?

“අමරදේව පදනමේ සභාපතිවරයා හැටියට හිටපු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ සම්බන්ධව ජනාධිපතිතුමාට ලිපියක් ලිව්වා. ඒ් අනුව එතුමා කමිටුවක් පත් කරල, මේ ප්‍රමාදයට හේතු හොයන්න කිව්වා. ඉතින් දැන් ඒ් සම්බන්ධව ආයෙත් අවධානය යොමු වී තිබෙනවා. ඉදිකිරීම් ඉක්මණින් අවසන් වේවි කියලත් හිතනවා. ඒ් නිසා ලබන අවුරුද්දේ අපට මේ අසපුව විවෘත කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවී.” මෙහෙම කියන්නේ අමරදේවයන්ගේ පුත් රංජන.

ඒ් විතරක් නෙමෙයි. ඔහු මෙන්න මේ විදිහෙ ඉල්ලීමකුත් අප වෙත කළා.

” හැම අවුරුද්දෙම නොවැම්බර් මාසේ 03 වැනිදට අපි තාත්තා වෙනුවෙන් සමරු උත්සවයක් පවත්වනවා. මෙවරත් ඒ්ක ඒ් විදියටම කරනවා. තාත්තාට ආදරය කරන හැමෝම එදාට අසපුව ඉදිවෙන තැනට එන්න.

Source – Hiru Gossip

Previous article“ඌ හැමදාම සුදු බිත්තර දැම්මේ, නමුත් සඳුදා නිල් බිත්තරයක් දැම්මා” – කිකිළියක් ‘නිල් බිත්තරයක්’ දාලා…
Next article“එයා බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා….” – ඇයට මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති… – සියල්ලන් හඬවා හැරදා ගිය වෛද්‍යවරිය ගැන ඇසෙන අනුවේදනීය කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights