මෙන්න බලන්නකෝ ඒ ඇසෙන කතාව.. ඒ ආක්‍රමණගීලී මත්ස්‍යයා මේ පරිසරයෙන් ඉවත්විය යුතුයි ද..?
මේ ඇසෙන්නේ අන්න ඒ ගැන කතාවක්..
දැදුරු ඔය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” මත්ස්‍යා ඇල්ලීමේ තරඟයක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි..
එදින අලුයම 5.00 සිට දහවල් 1.00 දක්වා දැදුරු ඔය “නාටියා පාලම” ආසන්නයේ දී තරඟය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා..
ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය සමග එක්ව “ඇන්ග්ලින් ප්‍රජාව” හෙවත් විනෝදාශ්වාදය සඳහා මසුන් ඇල්ලීමේ සංගමය තරගය සංවිධානය කර තිබෙනවා..
ජයග්‍රාහකයන්ට වටිනා තෑගි පිරිනැමීමටත් නියමිතයි..
ඒ පළමු ත්‍යාගය රුපියල් 25000ක්, දෙවන ත්‍යාගය රුපියල් 15000ක් සහ තෙවන ත්‍යාගය රුපියල් 10000ක් වශයෙනුුයි..
තරඟ කොන්දේසි ලෙස මසුන් ඇල්ලීම සඳහා බිලී පිති පමණක් භාවිතා කළ යුතු බවත් දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතය තහනම් බවත් දැක්වෙනවා..
“දැදුරු නයා” හැර වෙනත් මසුන් බිලී පිතිවලට හසු වුවහොත්, එම මසුන් ආරක්ෂිතව ආපසු ජලාශයට මුදා හැරිය යුතු බවත් සඳහන් වෙනවා..
“දැදුරු නයා” ශීඝ්‍රයෙන් වර්ධනයවීම ස්වදේශීය මසුන්ට තර්ජනයක් වී ඇති බව හඳුනාගෙන ඇති අතර එම මත්ස්‍යයා පරිසරයෙන් ඉවත් කිරීම මෙම තරගයේ අරමුණ වෙනවා..
එදින ආක්‍රමණශීලී මසුන් පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කිරීමට ද නියමිතයි..