මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ රොක් සංගීත තරුවක් ගැන ඇහෙන සංවේදී කතාවක්…
බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා වන රික් ඩේවිස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යනවිට 81 හැවිරිදි වියේ පසු වුණු ඔහු රුධිර පිළිකා රෝගය හෙතුවෙන් පසුගිය සෙනසුරාදා මිය ගිය බවයි සුපර්ට්‍රැම්ප් සංගීත කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
“Goodbye Stranger” සහ “Bloody Well Right” ඇතුළු ගීත ඔහු විසින් රචනා කර ගායනා කළ ජනප්‍රිය ගීත වන අතර සුපර්ට්‍රැම්ප් කණ්ඩායමේ හයවන ස්ටුඩියෝ ඇල්බමය වන “Breakfast in America” හි පිටපත් මිලියන 18 කට වඩා අලෙවි වූ අතර එය කණ්ඩායමේ ස්ථාවරත්වය තහවුරු කළා.
එම ඇල්බමයට ග්‍රැමී සම්මාන දෙකක් හිමි වූ අතර ඇල්බමයේ ජනප්‍රිය ගීත අතරට “The Logical Song” සහ “Take the Long Way Home.” ඇතුළත්.











