Home දේශිය පුවත් මෙහෙම දවසක් ඇයට කොහොම නම් අමතක වෙන්නද..? ආදරණීය පුතුන්ට විශේෂ වුණු ඒ...

මෙහෙම දවසක් ඇයට කොහොම නම් අමතක වෙන්නද..? ආදරණීය පුතුන්ට විශේෂ වුණු ඒ දවස වෙනුවෙන් අප්සාරි එක්කළ ආදරණීය සටහන මෙන්න..

0
87

 

ඇය ආඩම්බරකාර මවක්. එකවර පුතුන් දෙදෙනෙක් මෙලොවට ගේන්න ඇය මොන තරම් නම් දුක් උහුලන්නට ඇතිද?

ඒත් ඒ ගෙවී ගිය කාලය ගැන අද ඇයට ඇත්තේ සතුටක් වෙන්න ඇති.

අප්සාරි සිංහබාහු තිලකරත්න, ඇගේ මුහුණුපොතේ මේ සටහන ලියැවෙන්නේ ඇගේ ආදරණීය පුතාලා දෙදෙනා වෙනුවෙන්. නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකරමින් ඇය මුල්ම වතාවට මව් පදවිය ලබන්නේ මීට අවුරුදු ගණනාවකට පෙරදී වුණත් අදටත් අප්සාරිට ඒ දැනෙන හැඟීම හරිම ආදරණීය වෙන්න ඇති.

“එකවර පුතුන් දෙදෙනෙකු බිහි කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් කෘතඥ වෙනවා, ඒ වගේම ඔබ දෙදෙනාම මගේ දෑතින් අල්ලා ගත් දිනය ගැන මම ඉතා ආඩම්බර වෙනවා..” ඇය ඔවුන් වෙනුවෙන් එක්කළ ඒ සටහනට මුල පුරා තිබුණේ අන්න ඒ විදිහටයි.

කොහොම වුණත් පැරණි මතක ගොන්නක් එක්ක අප්සාරි මෙවුන් දෙදෙනාට සුබපැතුම් එක්කළේ අපූරු ඡායාරූප පෙළකුත් සමඟමයි.

Previous articleඇල්ලෙදි බස් එක පෙරළෙන්න කලින් රියැදුරු ඔහුට කතා කරලා.. ඇල්ල මාරක අනතුරෙන් පසු බස්රථය බලන්න ආ හිමිකරු වෙනස්ම කතාවක් කියයි..
Next articleඇල්ල බස් අනතුරට වීරෝදාර ලෙස ප්‍රතිචාර දැක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේදී ගෞරව සම්මාන.
error: Content is protected !!
Verified by MonsterInsights