Home Uncategorized අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා… අන්තිමට වෙච්ච දේ මෙන්න …

අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා… අන්තිමට වෙච්ච දේ මෙන්න …

0
79

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණා..

පවුලේ උදවිය ධනවතුන් වූ අතර ප්‍රදේශයේ කැපී පෙනීමට උත්සහා කරන පිරිසක් වුනා.

ඒ නිසා ඔවුන් නිතර ඇසුරු කරන්නේ ද ඊට ගැලපෙන උදවිය හා පමණයි.

පවුලට සිටින්නේ එකම දියණියයි. ධනවත්කම ඇතත් රූමත්කමක් නැහැ. ඉගැන්වීමට කොතෙක් වියදම් කළත් අධ්‍යාපනයේ නිසි පල ලබා ගැනීමට ද නොහැකි වුණා. තරුණ වියද ඉක්මවා යමින් තිබිණා.

මවගේ ඉල්ලීමකට අනුව කපු මහත්වරුන් මැදිහත්ව වැදගත් පවුල් අතරින් ගෙනා යෝජනා සියල්ලම අසාර්ථක වූයේ දියණියට තිබෙන අපල උපද්‍රව නිසා. පොරොන්දම් බැලීමේ දී ඒවා කිසිසේත් නොගැලපෙන නිසා මඟුලක් නොකරන ලෙසට නැකැත් මහත්වරු උපදෙස් දුන්නා.

එහෙත් පියාට වඩා මවට තම දියණිය දීග දීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුනා..

මේ නිසා කපු මහතාගේ උප්පරවැට්ටියකට අනුව කටයුතු කරන්නට දියණියගේ මව මැදිහත් වූවා.

නැකැත් බැලීම සඳහා දෙපසින් පිරිසක් ඒ සඳහා සුදුසු ස්ථානයක් කරා පිය නැගූ අතර පොරන්දම් සියයට සීයක්ම ගැලපෙන බව නැකැත් කරු පැවසුවා. මනාලියගේ මවට ඇති වූවේ නිම්හිම් නැති සතුටක්.

මංගල කටයුත්ත කෙරෙන්නට දිනයක් නැතත් දෙපාර්ශවයේ පවුල් එකට එක්ව වන්දනා ගමන් බිමන් යන්න වුණා. එහෙත් කපු මහතා දෙපැත්තටම අමතක වුණා.

පොරන්දු වූ කපු ගාස්තුව දෙනවා කීවාට ඒක දෙන පාටක් ද තිබුණේ නැහැ.

අවසානයේ කපු මහතා මනාලියගේ මවගෙන් දෙනවා කියු මුදල නොදීම නිසා නෝක්කාඩු කීවා.

කපුවාට කතා කළ යුතු ආකාරය ගැන ඇය කියා දුන්නේ තමන් වැදගත් පවුල්වල අය බව සිහිපත් කරමින්.

ඉන් නික්ම ගිය කපු මහතා මනාලයාගේ පාර්ශවය හමු වී මනාලියට තිබෙන අපලය හා පොරොන්දම් බලන්නට ඒ වෙනුවට ගෙන ගියේ අම්මාගේ හදහන බව කිව්වා.

සිද්ධිය දැන ගත් මනාල පාර්ශවය මඟුල කපෝති කළ පුවත මනාලියගේ මවට සැල කළා.

මනාලියගේ මව කපුවාට දෙස් දෙවොල් තැබුවේ ඔය බව සිහි ගැන්වූවා නම් ඉල්ලන මුදල දෙගුණ තෙගුණ කර දෙන බව පවසමින්.

Previous articleඅධ්‍යාපනයේ යෙදන ළමයින්ට අනිවාර්යයෙන්ම දහවල් කාලයේ නිදාගන්න ඉඩ දෙන්න. එහෙම කියන්න හේතුව මෙන්න..
Next articleකාලෙකට පස්සේ ඔන්න ඇයව දැක ගන්න ආයෙත් අවස්ථාවක්.. බලන්නකෝ එයාලගේ පුංචි පවුලෙ ලස්සන..
error: Content is protected !!
Verified by MonsterInsights