Home දේශිය පුවත් ඇමරිකානු රහස් සේවයට බැදුණු පුංචි වීරයාගේ සිහිනය සැබෑ වෙයි.ට්‍රම්ප් කියන්නේ එච්චර හිත...

ඇමරිකානු රහස් සේවයට බැදුණු පුංචි වීරයාගේ සිහිනය සැබෑ වෙයි.ට්‍රම්ප් කියන්නේ එච්චර හිත හොද මනුස්සයෙක්.

0
183

ඉතාමත් දරුණු රෝගයක් එක්ක පොරබැඳි දරුවෙකුගේ එකම සිහිනය වුණේ අමෙරිකානු ආරක්ෂක සේවයට එක්වීම…

ඒ හීනය ඔහුව ජීවත් කළා කිව්වොත් නිවැරදියි…

මේ අහිංසක කුඩා පුතුගේ සිහිනට අමෙරිකාව පණදුන් හැටියි මේ කියන්න හදන්නේ…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමය පරිදි DJ නැමැති 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකා එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට ඇති මෙම දරුවා මීට වසර 06කට පෙර මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි අයෙක්.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරය වෙතත් එම රෝග තත්ත්වය මේවන විට සුව වී ඇති අතර ඔහුගේ ආශාවට අගය එක් කිරීමක් ලෙස මෙම දරුවාව එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ සේවයට බඳවාගෙන තිබෙනවා.

ඉතිං පුංචි DJට මොනතරම් සතුටු හිතෙනවා ඇද්ද?

Previous articleඇත්තටම ඕට්ස් කෑවොත් මොකද වෙන්නේ..ඕට්ස් මේ තරම් ගුණයි කියලා හිතෙන්නෙවත් නැතුව ඇති නේද?
Next articleමේ දිනවල ඇසෙන මිද්දෙණියේ සිදුවීමේ වෙනස්ම කතාවක් නැවත එළියට ඇවිත්.
error: Content is protected !!
Verified by MonsterInsights