මේ කියන්න හදන්නේ ජැකලීන් ගැන ඇහෙන අලුත් කතාවක් ගැනයි…
ශ්‍රී ලංකාවේ ඉපිද දැන් සුපිරි බොලිවුඩ් තරුවක් වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් විසින්, මුල්‍ය වංචා සම්බන්ධයෙන් චූදිත සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇය සිය පෙත්සමක් මගින් ඉල්ලා තිබුණේ ඇය මෙම නඩුවෙන් ඉවත් කරන ලෙසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ මෙම නඩුවට මැදිහත් වීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එවැනි සහනයක් අපේක්ෂා කිරීමට මෙය නිවැරදි අවස්ථාව නොවන බවයි.
ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතිඥවරු තර්ක කළේ, ඇය කප්පම් ගැනීම් (extortion) පිළිබඳ ප්‍රධාන වරදට චූදිතයෙකු නොවන බවත්, ඇය මුදල් විශුද්ධිකරණයට උදව් කළ බවට කිසිදු චෝදනාවක් නොමැති බවත්ය.
නඩු විභාගය අවලංගු කරන ලෙස ඇය ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කළ දිල්ලි මහාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ෆර්නැන්ඩස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබුණා.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, ඇයට එරෙහිව නඩු විභාගය දිගටම කරගෙන යාමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ඇයට එරෙහි චෝදනා තවමත් ගොනු කර නොමැති බව ද එම වාර්තාවල සඳහන්.
ජැක්ලින්ගේ කලින් පෙම්වතකු බව කියන චූදිත සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ඉන්දීය රුපියල් කෝටි 200ක් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවේ ජැක්ලින් ද පාර්ශ්වකරුවෙක් වී තිබෙනවා..