ඇයත් නොකියාම යන්නම ගිහින්… සිනමාවේ ස්වර්ණමය යුගය බැබළවූ රංගන ශිල්පිනියක් දිවි රඟමඩලින් බැසයයි…

ඇයත් නොකියාම යන්නම ගිහින්… සිනමාවේ ස්වර්ණමය යුගය බැබළවූ රංගන ශිල්පිනියක් දිවි රඟමඩලින් බැසයයි…

 

 

‘The Leopard’, ‘8 1/2’, සහ ‘Pink Panther’ වැනි ලෝක ප්‍රකට චිත්‍රපටවල රඟපෑ, ටියුනීසියාවේ උපන් ඉතාලි නිළි ක්ලෝඩියා කාදිනාලේ මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 87 හැවිරිදි වියේ පසුවූවා.

ඇයගේ නියෝජිතවරයා පවසා ඇත්තේ, ඇය ප්‍රංශයේ නෙමෝර්ස්හි නිවසේ සිටියදී මියගිය බවයි.

වසර 60කට ආසන්න සිනමා දිවියක් හිමි ක්ලෝඩියා කාදිනාලේ, ඉතාලි සිනමාවේ ස්වර්ණමය යුගයේදී ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම ඇය ෆෙඩෙරිකෝ ෆෙලිනි සහ ලුචිනෝ විස්කොන්ටි වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ෆෙලීනිගේ “8½” සහ විස්කොන්ටිගේ “Rocco and His Brothers” හා “The Leopard,” සර්ජියෝ ලියෝන්ගේ ස්පැගටි වෙස්ටර්න් (spaghetti Weste) චිත්‍රපටයක් වන “Once Upon a Time in the West,” මෙන්ම “The Pink Panther” ඇතුළු සම්භාව්‍ය ඉතාලි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

1938 අප්‍රේල් මාසයේදී ටියුනීසියාවේ උපත ලැබූ කාදිනාලේ, 16 වන වියේදී “ටියුනීස් හි සිටින සුරූපීම ඉතාලි කාන්තාව” ලෙස රූපලාවන්‍ය තරගයකින් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ සඳහා ලැබුණු ත්‍යාගය වූයේ වෙනීස් සිනමා උළෙල නැරඹීමට ලැබුණු අවස්ථාවවන අතර, එහිදී ඇයට සිනමා ක්‍ෂේත්‍රයට පිවිසීමට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් විසින් ආරාධනා කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

World Gossip