Home දේශිය පුවත් ඇයත් ඇගයිය යුතුමයි. විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළපු තලවකැලේ රාජලක්ෂ්මි හොඳම...

ඇයත් ඇගයිය යුතුමයි. විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළපු තලවකැලේ රාජලක්ෂ්මි හොඳම දළු නෙලන්නිය වෙයි.

0
309

විනාඩි 15කින් අමු තේ ද‍ලු කිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තෑගි මුදලක් දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි සමත් වූවාය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේ වතුයායේ පැවැති තේ දලු නෙලීමේ තරගයේදී ඇය මෙම ත්‍යාග මුදල හිමි කර ගත්තාය.

තලවාකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතුවල වතු කම්කරු කාන්තාවන් අතර එම වතුවල තේ දලු නෙළීමේ තරග පවත්වා එම තරගවලින් ප්‍රථම ස්ථාන හිමිකර ගත් වතු කම්කරු කාන්තාවන් අතර මෙම තරගය පැවැති අතර මෙහිදී එම තරගකරුවන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගත් රාජලෙච්චමි මෙසේ මෙම තෑගි මුදල තමන් සතු කරගත්තාය.

හේලිස් සමාගමේ සභාපති මෝහාන් පණ්ඩිතගේ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම තේ දලු නෙළීමේ තරගය පැවැති අතර මෙම අවස්ථාවට එම වතු නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

හැටන් – රංජිත් රාජපක්ෂ, හැටන් මධ්‍යම විශේෂ, හැටන් – චන්දන ජයවීර

Previous articleමම ඛෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ‘ අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා.”
Next articleමොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය ලබා දීලා… අද දවසේ ඇසෙන උතුම් කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights