Home දේශිය පුවත් ලෝකෙටම යකඩ පාඩමක් ඉගැන්නූ නෙළුවේ දිරිය දියණියන් තිදෙනෙකු ගැන ඇසෙන පුදුම හිතෙන...

ලෝකෙටම යකඩ පාඩමක් ඉගැන්නූ නෙළුවේ දිරිය දියණියන් තිදෙනෙකු ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න

0
109

දවසක් හැන්දෑවක් ගෙදරට කන්න මොනවා හරි ගේන්න කඩේට ගිය දිල්කිගේ තාත්තා, ගමේ මිනිස්සු පුවක්කොට දාලා යන්තමින් අටවාගෙන තිබුණු පාලමෙන් ඔයට වැටිලා මියයනවා.තමන්ගේ ආදරණිය පියාගේ මරණයෙන් පස්සෙවත් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දමමින් තිබූ අබලන් පාලම ගැන නිසි බලධාරියෙක්ගේ අවධානය යොමු නොවීම පිළිබද දිල්කි වගේම ගමේ මිනිස්සු හැමෝම හුගාක් කම්පාවෙනවා.
කාලය ගෙවිලා ගිහින් වෙනසක් නොවෙන ඒ අබලම් පාලම තමන්ගේ අතින්ම හදන්න දිල්කි තමන්ගේ හොදම යාළුවො වෙච්ච සදුනි සහ නිලුෂිකාට කතා කරනවා. සදුනිත් නිලුක්ෂිත් දෙපාරක් නොහිතා දිල්කි එක්ක මේ දැවැන්ත අභියෝගෙට මුහුණ දෙන්න එකතුවෙනවා. නෙළුවේ මේ කෙල්ලෝ තුන්දෙනා එකතුවෙලා ගමේ තවත් කෙල්ලොත් එකතුකරගෙන 30 දෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම යෞවන සමාජයක් විදිහට ලියාපදිංචි කරගන්නේ පාලම හදන වැඩේට හයියක් වෙන්න.
යෞවන සමාජයකට ගමේ වැඩකට රු 75,000ක් ලැබෙන බව දැනගන්න සදුනි සහ ගමේ කෙල්ලෝ ටික ඒක ලබාගෙන අලුත් පාලමක් හදන්න හීන දකිනවා.ඔයට උඩින් පාලම හදන එක ගැන හරියටම සැළසුම් කරත්දී තමයි දැනගන්නේ පාලම හදන්න ලක්ෂ 30කට වැඩිය යනබව.ඒ ආරංචිය සදුනි ඇතුළු කෙල්ලෝ ටිකට තරමක් කණගාටුවක් ගෙනාවත් එයින් සදුනි ඇතුළු ගමේ කෙල්ලෝ පසුබට වෙන්නේ නෑ.
සදුනි කෙල්ලෝ ටිකත් එක්ක පාරට බැහැලා ට්කට් ගහලා හැමතැනම විකුණනවා, ගෙයක් ගෙයක් ගානේ ගිහින් සල්ලි එකතු කරනවා, තේ පැක්ටරි වලට ගිහින් සල්ලි එකතු කරනවා.සදුනිලා මෙහෙම කරත්දී ඒකට උදව් කරපු ගමේ අය වගේම ”ඕවා කරන්න පුලුවන්න,බොරු වැඩ කරන්නේ,කළුගලේ ඔලුව ගහගන්න යන්නේ” කියපු ගමේ අයගේ වචන වලට මේ යකඩ හිත් තිබ්බ කෙල්ලො සැලෙන්නේ නෑ.
අනේකවිධ අභියෝග හමුවේ මේ යකඩ කෙල්ලෝ ටික දවස් අනූවක් යනකොට දෙගම් යා කරමින් අඩි 68දිග පාලම හදලා ඉවර කරනවා……..!
සදුනිලා ගැන චිත්‍රපට හැදෙන එකක් නෑ !
මේ යකඩ කෙල්ලෝ ටික කරපු මේ වැඩේ අපේ රටට වටේම ලෝකෙටම දුන්න ආදර්ශය කොහොමත් ඒ තරම් ලඝු කරන්න බැහැ.ඒ නිසා මේ ගැන චිත්‍රපට නොහැදුනාට කමක් නෑ..රටේම ස්තුතිය විතරක් නුඹලට හොදටෝම ඇති….
ස්තුතියි නුඹලාට
කළ නොහැකි දෙයක් නැතිවග ලෝකෙටම කියා දුන්නාට !!!

Previous articleලොවක් වසඟයට ගත් අම්බුළුවාව කුලුන අවදානමකද..? ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..
Next articleලෝකයේම හදවත් දිනූ අපේ රටේ ජාතික ගීය..
error: Content is protected !!
Verified by MonsterInsights