Home සයුරෙන් එහා පුවත් පියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට...

පියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට දෙව්දුවක් බඳු ඇය ගැන ඇසෙන කතාව මෙන්න..

0
104

 

 

ඇය තවමත් වයස අවුරුදු 19ක තරම් වූ ලාබාල වයසක තරුණියක්.

ඒත් ඒ හිතේ තිබුණු ශක්තිය නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ සිදුවීම ගැන ඇසෙන කතාවයි.

පියාගේ අක්මාවෙහි ක්‍රියාකාරිත්වයෙන් 90% ක්ම අකර්මණ්‍යය වී ඇති බව දැනගත් දියණිය තම අක්මාවෙන් 65% ක් පරිත්‍යාග කරන්නට සූදානම් වෙනවා.

අද වෙනකොට ඒ සියලුම කැපකිරීම මතින් ඔහුට අලුත් ජීවිතයක් ලබාදෙන්න මේ දියණියට පුළුවන් වෙලා. තම ජීවිතය ගැනවත් නොතකමින් පියාගේ ජීවිතය බේරා ගැනීමට සමත් වූ මේ දියණිය ගැන අද ලෝකයක් කතා කරන්නේ අන්න ඒ නිසයි.

රාකි දත්තා, තම පියාට නැවතත් ජීවිත්වීමට වරම් ලබා දී ඇත්තේ ජීවමාන අවයව පරිත්‍යාගශීලි දියණිය ජීවත්වෙන්නේ ඉන්දියාවේ කල්කටාවලයි.

ඒ සඳහා ඇගේ කැමැත්ත පමණක්ම ප්‍රමාණවත් නොවූ අතර එසේ කිරීමට හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය උපදෙස් අනුව, පරීක්‍ෂණ 100 කට අධික සංඛ්‍යාවකට ඇයට පෙනී සිටීමට සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ සැත්කම පැය 15 ක් පමණ සංකීර්ණ එකක්. ඒ ගෙවූ කාලය පියාට සහ දියණියට සුව වන තෙක් ඉතාම දුෂ්කර කාලසීමාවක් වූ අතර, තම පියා දිනෙන් දින නිරෝගීභාවයට පැමිණෙන ආකාරය බලා ඇය බෙහෙවින් සතුටට පත්වුණා. ඉතින් සාර්ථක වුණු මේ අක්මා බද්ධ ශෛල්‍යකර්මය ගැන අද බොහෝ දෙනෙක් කතා කරන්නේ රාකිගේ මේ කැපකිරීම නිසායි..

Previous articleසර්ප්‍රයිස් නොදී ආදරය කරන පිරිමි ඕනෑ තරම් ඉන්නවා – අකිල ධනුද්දර
Next articleකෙල්ලන්ට පොඩ්ඩක් සයිකෝ කිව්වට, ගයාන්ගේ වෙඩින් එකත් අත ළඟ.. බලන්නකෝ ඔහුගේ අත ගන්න යන ඒ සුරූපිනිය කවුද කියලා..
error: Content is protected !!
Verified by MonsterInsights