Home දේශිය පුවත් මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති…. කාවඩි නටමින් සිටි මහීෂට අත් වූ...

මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති…. කාවඩි නටමින් සිටි මහීෂට අත් වූ අවාසනාවන්ත ඉරණම…

0
75

 

 

මේ තරුණයෙකුට දිවි අහිමිවුණු තවත් අවාසනාවන්ත කතාවක්…

අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

මරුමුවට පත්වී ඇත්තේ ඇත්කඳුර තණබද්දෙගම පදිංචි පී.එම්.මහීෂ පභාෂණ නමැති 20 හැවිරිදි තරුණයෙක්.

අම්බලන්ගොඩ මාදම්පේ නගරය හරහා වීථි සංචාරය කරමින් සිටියදී කාවාඩි සංදර්ශණයේ යෙදී සිටි මේ තරුණයා නැටීමට නොහැකිව රෝගාතුර වීමෙන් පසු බලපිටිය රෝහලට රැගෙන ගෙනගිය බවද පොලීසිය පවසනවා.

පෙරහරේ කාවාඩි නටමින් සිටියදී රෝගාතුරවූ මේ තරුණයා රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Previous articleතනිකඩ ජීවිතේට සමුදුන් ගයාන්..! ඔහුගේ හිත ගත්ත ඈ කවුද ?
Next article“බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් ගේන්න එපා…” – කියන්නේ ඇයි කියලා දන්නවද? මෙන්න මේ හින්දා…
error: Content is protected !!
Verified by MonsterInsights