Home දේශිය පුවත් බ්‍රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පාගලා… පොහෝදා සිල් මාතාවන් තිදෙනෙකුට දිවි අහිමි...

බ්‍රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පාගලා… පොහෝදා සිල් මාතාවන් තිදෙනෙකුට දිවි අහිමි කල ගම්පොල බිහිසුණු රිය අනතුරට හේතුව හෙළිවෙයි…

0
119

 

 

ගම්පොල, දොළුව, ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය සඳහා පැමිණි කාන්තාවන් තිදෙනෙකු රිය අනතුරකින් මිය යාමේ සිද්ධියට හේතුවී ඇත්තේ අදාළ මෝටර් රථය පැදවූ කාන්තාවගේ නොසැලකිලිමත් බව අනාවරණය වී තිබෙනවා.

කාන්තාවන් සිව් දෙනෙක් මෙම අනතුරට මුහුණදී තිබූ අතර ඉන් දෙදෙනෙකු වප් පොහොය නිමිත්තෙන් ඊයේ සිල් සමාදන්ව සිටි අය බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් දෙදෙනා පෙහෙවස් සමාදන්ව සිටි පිරිසට දානය රැගෙන පැමිණ සිටි අය වෙනවා.

එම කාන්තාවන් සිව් දෙනා විහාරස්ථානයෙන් පිටතට පැමිණ විහාරස්ථානය ඉදිරිපස නවතා තිබූ ලොරි රථයක් අසළින් ගමන් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ එම පිරිසට පිටුපසින් පැමිණි මෝටර් රථයක් ලොරි රථයේ බඳේ ගැටී කාන්තාවන් සිව් දෙනා ද යටකරමින් අසළ තාප්පයක ගැටී නැවතී තිබුණා.

අදාළ මෝටර් රථය ද කාන්තාවක් විසින් පදවා තිබු අතර, ඇයද තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ රථය පැදවූ කාන්තාව සතුව තිබී ඇත්තේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් බවයි.

බරපතල තුවාල ලැබු සිල් සමාදන්ව සිටි කාන්තාවක් රෝහල්ගත කරන අතරවාරයේදී මියගොස් තිබුණා.

අනතුරින් මියගියේ අවුරුදු 67 සහ 70 යන වයස්වල පසු වු කාන්තාවන් තිදෙනෙක්.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ කාන්තාව විසින් බ්‍රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පැගීමෙන් අධික වේගයෙන් ධාවන වූ මෝටර් රථය අදාළ පිරිස අනතුරට ලක්කර ලොරි රථයෙහි ද ගැටී ඇති බවයි.

රථය පැදවූ කාන්තාව මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබනවා.

Previous article“ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා…” – තරුණ අඹුසැමි යුවලට දිවි අහිමි කළ කනන්විල මාරක අනතුර ගැන පියා හැඬූ කඳුලින් කියන කතාව…
Next articleබෝලෙ අහුලන්න පූල් එකට පැන්න 12 ශ්‍රේණියේ සිසුවෙකුට අත්වූ සංවේදී ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights