Home දේශිය පුවත් බෝලෙ අහුලන්න පූල් එකට පැන්න 12 ශ්‍රේණියේ සිසුවෙකුට අත්වූ සංවේදී ඉරණම

බෝලෙ අහුලන්න පූල් එකට පැන්න 12 ශ්‍රේණියේ සිසුවෙකුට අත්වූ සංවේදී ඉරණම

0
58
The white flag is an internationally recognized symbol of surrender, truce, or a desire to parley.

දික්වැල්ල, දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචිව සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවට දික්වැල්ල පොලිසිය තහවුරු කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නම් ශිෂ්‍යයාය.

 

පෙරේදා (5) සවස 6:30ට පමණ මෙම ශිෂ්‍යයා විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියදී ඉන් විසිවූ පන්දුවක් යාබද පිහිනුම් තටාකයට වැටී ඇත. එම පන්දුව ගැනීමට පිහිනුම් තටාකයට පැන ඇති සිසුවා දියේ ගිලී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුරට පත් සිසුවා වහාම බතීගම රෝහල වෙත ඇතුළත් කර ඇති නමුත්, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෘත ශරීරය බතීගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Previous articleබ්‍රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පාගලා… පොහෝදා සිල් මාතාවන් තිදෙනෙකුට දිවි අහිමි කල ගම්පොල බිහිසුණු රිය අනතුරට හේතුව හෙළිවෙයි…
Next articleදහේන් පුංචි පුතාට විශේෂ දවසක් ගැන අශේන් මුහුණුපොතට සටහනක් එක්කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights