Home දේශිය පුවත් “දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ..” ලොකු, කුඩා කාගේත් මතකයේ රැන්දූ ගී...

“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ..” ලොකු, කුඩා කාගේත් මතකයේ රැන්දූ ගී රැසක් ගැයූ ඇය ජීවන ගමනින් සමුගනී..

0
99

 

 

ඇය ගැන මුලින්ම කතා කරනකොට අපි කාටත් මතක් වෙන්නේ මෙන්න මේ ලස්සන ගීතය, එදත් අදත් බොහෝ දෙනාගේ මතකයේ රැදි දැන් නිවාඩු කාලේ හින්දා ගීය ගයන ඇය ගැනයි මේ කණගාටුදායක ආරංචිය ඇසෙන්නේ..

ප්‍රවීණ ජනප්‍රිය ගායිකා චන්ද්‍රානි ගුණවර්ධන සිය ජීවන ගමනට සමුදුන්නා. ඇය මියයන විට 82වැනි වියේ පසුවුණා. ළමාපිටියෙන් ඇරඹි ඇගේ ගායන දිවිය තුළ රසික ආකර්ශනය දිනාගත් ගීත ගණනාවක්ද වෙනවා.

ඒ අතර, “හැඩකාරයි මං පොඩි කාලේ”, “මල් කෙල්ලක් මං”, “තුන් තුඹ මල් තුඹ මල්”, “රාං කුරුල්ලා රාං කියාගෙන”, “අත්තන මල් අත්තන මල්”, “මලක සුවඳ සිව්සිය ගව්”, “විහාර මහා දේවී සෝමාදේවි”, “ලය තුළ නළියන”, “ආයුබෝවන් වාසනාවන්”, “තරුවක් වුණානම්”, “අක්කා නගා ලගේ බොළඳ සිනා” සහ “දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්” වැනි ගීත ඇගේ ගීතාවලියේ ජනප්‍රිය සලකුණු තබන්නට සමත්වුණා.

මේ අතර ඇය ළමා පිටියට ගැයූ ගී අතර “දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ” ගීතය අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි. 1955 වසරේදී ඇයගේ හඬින් ගැයුණු මේ ගීතය මුලින්ම තැටි ගත කර තිබුණා.

Previous articleඑයත් හරි අපූරු සිදුවීමක්.. මෙවර Mrs. World තරගාවලියට අපෙන් ද්විත්වයක්…
Next articleප්‍රවීණ කලාකරුවෙකු වු සෝමසිරි මැදගෙදරගේ ආදරණීය දියණිය ලස්සන උඩරට මනාලියක් වුනේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights