Home දේශිය පුවත් ” මල් පෝච්චි පෑගුවා කියලා මටත් නඩු දාලා… ” අගමැති හරිනි කියන...

” මල් පෝච්චි පෑගුවා කියලා මටත් නඩු දාලා… ” අගමැති හරිනි කියන මේ ආන්දෝලනාත්මක කතාව මොකද්ද ???

0
211

මල් පෝච්චි පෑගුවා කියා මටත් නඩු දාලා – අගමැතිනි

පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය.

“ගිය අවුරුද්දේ මාර්තු අට මට සිහි වෙනවා.මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී  වතුර ප්‍රහාරයකට ලක් වෙන්න වුණා.

මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාම ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් මගෙන් ඊට මගෙන් කට උත්තර ගත්තා.ඒ අරගල හරහා තමයි අපත් මෙතෙන්ට ආවේ.

76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන.නැතිනම් ලෝකය වෙනස් වීමත් සමඟ රටේ ඇතිවුණු සංවර්ධනය අප නොතකන්නේ නැහැ” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ.

Previous article” මගේ ජීවිතේ හැමදේම වගේ මධ්‍යස්තව බලන්න වෛර කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න උගන්නපු ඔයාට සුබ ම සුබ උපන්දිනයක්..” කාවින්ද්‍යා එයාගේ ආදරණීය පියා අතුලට සුබ පතමින් කියූ ආදරණීය කතාව මෙන්න…
Next articleරටටම සුබ ආරංචියක්..! ළමා රෝගින් සුවවීම වැඩි වෙලා… අපේක්ෂා රෝහලෙන් පණිවිඩයක්…
error: Content is protected !!
Verified by MonsterInsights