Home සයුරෙන් එහා පුවත් සුප්‍රකට ගායිකාවක් වුණු ඇය රුව ගැන නොසිතා ඔවුන්ට ජීවය දෙයි..

සුප්‍රකට ගායිකාවක් වුණු ඇය රුව ගැන නොසිතා ඔවුන්ට ජීවය දෙයි..

0
72

 

 

මේ හරිම ආදරණීය කතාවක්. ඇය ඒ උතුම් පදවිය වෙනුවෙන් සූදානම් වී ඇත්තේ මහත් සතුටකින් වෙන්න ඇති.

බ්‍රිතාන්‍යයේ ලිට්ල් මික්ස් (Little Mix) කාන්තා සංගීත කණ්ඩායමේ හිටපු ගායිකාවක වන ජෙසී නෙල්සන් නිවුන් දියණියන්ගේ උපතෙන් පසු ඇයගේ ශරීරය ගැන පෙර නොවූ විරූ තරම් ආඩම්බරයක් දැනෙන බව ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් පවසනවා.

පසුගිය මාසයේදී සියොන් ෆොස්ටර් සමඟ විවාහ ගිවිසගත් නෙල්සන්, ඇයගේ දියණියන් දෙදෙනා වඩාගෙන යට ඇඳුම්වලින් සිටින ඡායාරූපක් සමඟිනුයි එම ඉන්ටර්ග්‍රෑම් සටහන එක් කර තිබෙන්නේ.

පසුගිය මැයි මාසයේ දී සිය සහකරුවා වන සංගීතඥයෙකු වන සියොන් ෆොස්ටර් සමඟ ඕෂන් ජේඩ් සහ ස්ටෝරි මොන්රෝ නෙල්සන්-ෆොස්ටර් නම් නිවුන් දියණියන් දෙදෙනා පිළිගත් ඇය, මවක් වීමෙන් පසු ඇයගේ ශරීරයේ “පුදුමාකාර බව” තේරුම් ගත් බව පවසනවා.

මවක් වීමෙන් පසු ඇයගේ ශරීරය කෙරෙහි තිබූ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් ඇය මෙහිදී අවධාරණය කරනවා.

දශක තුනකට වැඩි කාලයක් පුරා ශරීරයේ හැඩය පවත්වා ගැනීමට උත්සහා ගත් ඇය එම ස්වයං පාලනයෙන් මිදී ඇගේ ශරීරයේ හැකියාවන් සහ ශක්තීීන් අගය කරන බව ද පෙනී යනවා.

මෙම හැඟීම්බර සටහන, ඇගේ අනුගාමිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Previous articleකාගෙන්වත් උදව්වක් නැතුව AI රොබෝ කෙනෙක් හැදූ නිවුන් සහෝදර පොඩ්ඩෝ දෙන්නෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න
Next articleපිළිකා මාරයා සමග පොරබඳිමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පියා ජීවිත අහසින් බැසයයි…
error: Content is protected !!
Verified by MonsterInsights