Home දේශිය පුවත් ඉෂාරා හදිසියේම මතුගමට.. ඇය ඒ විදිහට ගෙන ගියේ ඇයි කියලා දන්නවාද..?

ඉෂාරා හදිසියේම මතුගමට.. ඇය ඒ විදිහට ගෙන ගියේ ඇයි කියලා දන්නවාද..?

0
54

ඇය මේ වෙද්දී මතුගමට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණ වෙනවා. ඒ ඇයි කියලා දන්නවාද?

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිගෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමක ඇය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින මතුගම ප්‍රදේශයට රැගෙන ගියේ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු මෙරටින් පළායාමට පෙර සැගව සිටි බවට පැවසෙන ස්ථානයක් පරික්ෂා කිරීම සඳහායි.

මීට අමතරව ඇය මිද්දෙණිය ප්‍රදේශයේ සැගව සිට ඇති බවටයි සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

අනතුරුව ඇය කුලී රථයකින් කිලිනොච්චියට ගොස් එම ප්‍රදේශයේ නිවසක දින ගණනාවක් සැගව සිට යාපනයට ගොස් ඇති බව සඳහන්.

එතැන් සිට ඇය ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගොස් තිබෙනවා.

එමෙන්ම ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා පැය 72ක රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.

ඒ පොලිසිය ඊයේ කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු හය දෙනා පෙරේදා පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන ආවා.

මෙලෙස දිවයිනට රැගෙන ආ පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට අමතරව ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලායට සම්බන්ධ ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන පිරිසද ඇතුළත්.

Previous articleනේපාලයේදී හැමදාම බියුටි සැලෝන් ගිය සෙව්වන්දි මෙරටින් පැන ගිය දවස ගැන හෙළි කරයි..
Next articleසංජීව ඝාතනය කළදා සෙව්වන්දි සැඟවුණේ වැලිපන්නේ ‍නිවෙසක … ඒ ගැන ඇසෙන කතාව මෙන්න …
error: Content is protected !!
Verified by MonsterInsights