ට්‍රැවල් කරන කවුරුත් ආස “මං සරන්නා” එදා එයාගේ ජීවිතයට තවත් එක් වැදගත් දවසක්..

ට්‍රැවල් කරන කවුරුත් ආස “මං සරන්නා” එදා එයාගේ ජීවිතයට තවත් එක් වැදගත් දවසක්..

 

Travelingවලට ඇති ආසාව තවත් වැඩිකරලා ලංකාවේ ලස්සන තැන් ලස්සනට video‍ අරගෙන එන ඔහු ගැන ඉතින් නොදන්නේ කවුද?

ඉඳුනිල් විජේකෝන් කවුරුත් ආදරය කරන මේ තරුණයා පසුගිය දවසක ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කරගෙන. ඒ දවස ඔහුට විශේෂයි වගේම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක්ටත් විශේෂයි.

ජයවර්ධනපුර සරසවියේ උපාධිය ලබාගත්ත ඉඳුනිල්ගේ ඒ මොහොතේ ඡායාරූප කිහිපයක් මෙන්න මේ වගේ දැකගන්න ලැබුණා.

ඒත් එක්කම මේ විශේෂ දවස වෙනුවෙන් ඔහුට ගලාගෙන ආව දහසක් සුබපැතුම් අතරේ මෙන්න මේ වගේ විශේෂ සටහනක් එහෙමත් දැකගන්න ලැබුණා. ඇත්තටම ඔහු ජීවිතය සමබරව ගෙන ගිය තරුණයෙක්. මෙන්න බලන්නකෝ ඔහු වෙනුවෙන් ලියැවුණ ඒ සටහන..

“ආසාවට වහල් වෙලා ඉගෙනීම මඟදි කඩාකප්පල් කරගන්න අය අතරේ තමන්ගේ Traveling ආසාවත් ඉගෙනීමත් සමබරව කරන් ජීවිතය ජයගත්ත…
“මං සරන්නා ”
ඔබට මං හදවතින්ම සුබ පතනවා.
Travelingවලට ඇති ආසාව තවත් වැඩිකරලා ලංකාවේ ලස්සන තැන් ලස්සනට video කරලා ඒවා අපිට පෙන්වන එක අපිට නම් මාර එකක්…
මං එදා ඉඳලා මේ ලස්සන videos බලනවා.ඒක මට පුරුද්දක් වුනා.දවස ගානේ ඇවිත් බලනවා අලුත් video දාලද කියලා.ඒ තරම් ඇබ්බැහි වුනා.
ලංකාවේ ලස්සන Traveling vlog කරන අය අතරින් මටනම් මොහු විශේෂයි..
මින්සුන්ගේ මානසිකත්වය ඔහු තේරුම් අරන් හරි අපූරුවට ඒ ලස්සන තැන් ලස්සනට අපේ හිතට කාවද්දනවා..
තවත් ඉදිරියට ලස්සන වැඩ කරන්න ශක්තිය දැනුම ලැබේවා..”

Local Gossip