Home සයුරෙන් එහා පුවත් සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000...

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!

0
50

 

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබේ.

2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන චීනයේ රාජ්‍ය ආයතනයට සැලැස්මක් ගොනු කර ඇත. මෙම වාහන වල පවතින සැලසුම් දෝෂ වාහනවල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හේතු විය හැකි බව හදුනාගෙන තිබේ.

එමෙන්ම බැටරි ආරක්ෂාවට බලපාන නිෂ්පාදන ගැටළු හේතුවෙන් 2021 පෙබරවාරි සිට 2022 අගෝස්තු දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද විදුලි වාහන 71,248 ක් ද ආපසු කැඳවීමට ද BYD සමාගම පියවර ගනිමින් සිටියි.

ජනවාරි මාසයේදී, ගිණි ගැනීමේ අවදානමක් ඇතැයි සඳහන් කරමින් BYD සමාගම Plug in Hybrid SUV රථ 6,843ක් ආපසු කැඳවීමක් සිදු කළේය.

ඊට පෙර, 2024 සැප්තැම්බර් මාසයේදී කළ සුක්කානම් පාලන ඒකකයේ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ගිනි අවදානමක් ඇතැයි හදුනාගෙන විදුලි මෝටර් රථ රථ 97,000කට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවා තිබුණි.

 

මූලාශ්‍රය – රොයිටර්ස් පුවත් සේවය. (https://www.reuters.com/sustainability/climate-energy/byd-makes-largest-recall-over-115000-cars-due-design-battery-issues-2025-10-17/)

Previous articleඅද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් 🥰
Next article“ඔයාගේ ජීවිතේ තව ලස්සන වෙන්න පතනවා” – රිද්මාගේ උපන්දිනය දවසේ රොෂාන් කරලා තිබුණ දේ බලන්නකෝ…- photos
error: Content is protected !!
Verified by MonsterInsights