Home සයුරෙන් එහා පුවත් තමන්ගේ ලමයාගේ හදවත් සැත්කමට සල්ලි හොයන්න තමන්ගේ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරපු අම්මා

තමන්ගේ ලමයාගේ හදවත් සැත්කමට සල්ලි හොයන්න තමන්ගේ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරපු අම්මා

0
40

මේක අද ඔයා කියවන ලස්සනම පෝස්ට් එක වෙයි. 😍

පෝලන්ත හෙල්ලය විසි කරන ක්‍රීඩිකාවක් තමයි මාරියා ඇන්ඩ්‍රෙජික් (Maria Andrejczyk) කියන්නේ. 2016 රියෝ ඔලිම්පික් වලදී සෙන්ටිමීටර් 2කින් එයාට පදක්කමක් නැති වුණා. ඊට පස්සේ 2017 දී උරහිස් සැත්කමක්, 2018 දී ඇට මිදුළු පිළිකාවක් කියන දරුණු රෝග නිසා එයාට ක්‍රිඩා කරන්න ලැබුනෙ නෑ💔
වේදනාව, මානසික පීඩනය, සැකය… හැමදෙයක් එක්කම එයා සටන් කළා. එයා සනීප වෙලා ආයෙත් පුහුණුවීම් කළා.
අන්තිමට, 2021 අගෝස්තු මාසයේදී ටෝකියෝ ඔලිම්පික් තරගයෙන් මීටර් 64.61ක් විසි කරලා එයා රිදී පදක්කම දිනාගත්තා. ඒ එයාගේ ජීවිතේ පළමු ඔලිම්පික් පදක්කම! 🥇
පදක්කමක් දරුවෙකු වෙනුවෙන්! 👼
ඒත් දවස් පහකට පස්සේ මාරියා කිව්වා එයා ඒ පදක්කම වෙන්දේසි කරනවා කියලා.
මාස 8ක Miłoszek Małysa කියන පොඩි දරුවෙක්ට හෘද රෝගයක් හැදිලා. එයාට සැත්කමක් කරන්න ඩොලර් 383,000ක් අවශ්‍ය වෙලා තිබුණා. එයාලා මුදලෙන් බාගයක් හොයාගෙන තිබුණා.ඉතිරි මුදලට උදව් කරන්න මාරියා තීරණය කළා. එයා තමන්ගේ ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසියට දැම්මා.
Żabka කියන පෝලන්ත සුපර් මාර්කට් ජාලයක් ඩොලර් 125,000ක් දීලා වෙන්දේසිය දිනුවා. ඒත් එයාලා පදක්කම තියාගත්තේ නෑ! ඒක ආයෙත් මාරියාට දීලා, ඒ මුදල එයාගේ නමින් පරිත්‍යාග කළා.
“අපේ ඔලිම්පික් ක්‍රීඩිකාවගේ මේ උතුම් ක්‍රියාව ගැන අපි හරිම සංවේදී වුණා,” ඔවුන් කිව්වා. “ටෝකියෝ රිදී පදක්කම මාරියාටම තියේවි, එයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා එයා පෙන්නුවා.”
අන්තිමට මාරියාට එයාගේ පදක්කමත් තියාගන්න ලැබුණා. බබාට සැත්කමත් කරගන්න ලැබුණා. තවමත් සමහර අය අනිත් අය ගැන හිතනවා කියලා ලෝකෙටම දැනගන්න ලැබුණා. ✨🙏

copied.

Previous articleBra Size එක හරියට මැනගන්නෙ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියද?
Next articleඇගේ ගමනට ආගමෙන් ආ බාධාවන් ජයගෙන රන් පදක්කම් 3ක් සමගින් ශ්‍රී ලංකාව රනින් බබලවපු සෆියා යාමික්..
error: Content is protected !!
Verified by MonsterInsights