ශ්රී ලාංකේය නව රූ රැජින (Miss World Sri Lanka 2025) පසුගියදා (04) ප්රකාශයට පත්කෙරුණා.
ඒ අනුව නව ජයග්රාහිකාව ලෙසින් කිරුළු පැළඳියේ ප්රතිභා ලියනාරච්චි විසිනි.
පෙර ජයග්රාහිකාව වූ අනුදි ගුණසේකරගේ අතින්, ප්රතිභාගේ හිස කිරුළු පළඳවනු ලැබුවා.
ඇය මීළඟ ලෝක රූ රැජින තරගයේදී (Miss World 2026) ශ්රී ලංකාව නියෝජනය කරනු ඇති.
එලෙස ලෝක වේදිකාවේ ලංකාව නියෝජනය කිරීමට නියමිත රූමතිය වෙනුවෙන්, හිටපු රූ රැජින අනුදි තබන ලද සටහනයි මේ….
”2024 ජූලි 29 වන දින මම 5 වන තරඟකාරිය ලෙස මෙම වේදිකාවට පිවිසි අතර, ලෝක ශ්රී ලංකා රූ රැජින 2024 ලෙස මම මෙම වේදිකාවෙන් පිටව යනවා. ඒ පිටව යන්නේ ලෝකය දිනන ගමනක් අරඹන බලාපොරොත්තුවෙන්, නමුත් මට දැන් හිතෙන්නේ මගේ මුලු ලෝකයම හැමදාම තිබුනේ මගෙ ලගමයි කියලා.
ඔබේ ශ්රීලංකා රූ රැජින වීම මගේ ජීවිතයේ මා ලැබූ වඩාත්ම ගෞරවනීය දෙයයි, මේ රට, මගේ ජනතාව නියෝජනය කිරීම, වෙනත් රටවල් 108 අතර අපගේ සිංහ කොඩිය එසවීම කවදාවත් කිසිවකට සමාන කළ නොහැකි හැඟීමක්.
මම ඒ සියල්ල කරන අතරතුර, ඔබ මා වටා එක්රොක් වුණා, මම හැමෝගෙම දියණියක්, හැමෝගෙම සහෝදරියක් බවට පත් වුනා, ඒ ආදරය කෙනෙක් ට පහසුවෙන් ලබා ගත හැකි දෙයක් යැයි මම හිතන්නෙ නැහැ.
ඔයාලා හැමෝම මං වෙනුවෙන් යාච්ඤා කළා, මට සහයෝගය දුන්නා, වයස, ස්ත්රී පුරුෂ භාවය, ජාතිය, ආගම නොසලකා මම වෙනුවෙන් පෙනී සිටියා.
අපේ රට ගොඩක් දේවල් විඳදරාගෙන තියෙනවා, නමුත් අපි බලාපොරොත්තුව දකින හැම වෙලාවෙම අපේ මිනිස්සු දීප්තිමත්ව හිනා වෙනවා කියලා මම හිතනවා, මොකද අපි දන්නවා සමහර වෙලාවට අපිට තියෙන්නේ බලාපොරොත්තුව විතරයි කියලා.
ඔයාලා හැමෝම මා වටා රැස් වුණේ ඒ බලාපොරොත්තුව නිසා කියලා මම හිතනවා. ඔයාලා මා වෙනුවෙන් කළ හැමදේටම ඇති තරම් ස්තූති කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මට සහයෝගය දැක්වූ සියලු දෙනාටමත්, මට වැරදි අඩුපාඩු කියාදුන් අයටත් මම හිස නමා ආචාර කරනවා.
ඊළඟ ශ්රී ලංකා රූ රැජින බවට පත්වන ඒ සුන්දර යුවතියට, මගේ ආදරණීය ප්රතිභා, මෙම ඔටුන්න ඔබට වේදිකාවක් ලබා දුන්නත් ඒකට අර්ථයක් ලබා දෙන්නේ ඔබේ හදවතයි.
ඔබ මිලියන ගණනකගේ සිහින රැගෙන යන බව කිසිම වෙලාවක අමතක කරන්න එපා. මම මේ කිරුළ දැඩි වගකීමකින් දරාගෙන හිටියා, දැන් මම එය ආදරයෙන් ඔබට භාර දෙනවා.”
2026 වසරේ ලෝක රූ රැජින තරගය පැවැත්වෙන්නේ, එහි 73 වන සංස්කරණය ලෙසයි.
එහිදී වත්මන් ලෝක රූ රැජින, තායිලන්තයේ Suchata Chuangsri විසින් නව අනුප්රාප්තිකයාට කිරුළු පළඳවනු ඇති.
ChannelE
