ඕෂධී හේවාමද්දුම කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂය වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය රංගනයෙන් විතරක් නෙවෙයි, ඇය දැන් ව්‍යාපාර ලෝකයටත් ඔබට සමීප වෙන්නයි මේ සූදානම.
ඕෂධීට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන ඒ විශේෂ ආරංචියයි. කාලයක් රංගනයෙන් කාගේත් ආකර්ෂණය දිනාගත් මේ ජනප්‍රිය තාරකාව, ඔන්න රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් එක් වෙලා. මේ ලස්සන දවස එනතුරු ඕෂධී නම් කියන්නේ ඇය කාලයක් තිස්සේ බලාගෙන තියනවා කියලා.කොහොම හරි අවසානයේ කාලයක් පටන් ඇයට තිබ්බ ඒ හීනය සැබෑවක් කරගන්න පුළුවන් වුණු සිහිනය ගැන ඇය කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
“ටික කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුණ හීනයක්.. හැමෝම කරනවට වඩා වෙනස් විදියෙ දෙයක් කරන්න මට හැමදාමත් ඕනි වුණා..
හැමතැනම තියෙන රූපලාවන්‍යාගාරවලට වඩා, advance විදියට දෙයක් කරන්න ඕනි කියල හිතුණා.. ඒ නිසාම අවුරුදු 04 ක් තිස්සෙ මේ විෂය කැපවීමෙන් හැදෑරුවා. නිදි වර්ජිතව පාඩම් කළා, විභාගවලට මුහුණ දුන්නා..
කරන දේ හරියට කරන්න ඕනි කියන එක මම හැමදාමත් විශ්වාස කරන දෙයක්.. ඒ නිසාමයි මේ සම්බන්ධව ඉගෙන ගන්නම හිතුවේ. තාම ඉවර නෑ. තවත් ඉගෙන ගන්නවා.
ඉතින්, නීරෝගීව ලස්සන වෙන්න කැමති කාන්තා/ පිරිමි ඔයාලා හැමෝටම Nature Queen Slim And Beauty ආයතනය විවෘතයි.. පළපුරුදු බටහිර, දේශීය වෛද්‍ය කණ්ඩායමකුත් මගේ සහයට ඉන්නවා..”
























