Home දේශිය පුවත් නොසිතූ මොහොතක සිදුවූ අනතුරක් නිසා ජිවිතයෙන් සමුගත් ඔහු ගැන ඇසෙන සංවේදී පුවත...

නොසිතූ මොහොතක සිදුවූ අනතුරක් නිසා ජිවිතයෙන් සමුගත් ඔහු ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න..

0
44
White flag blowing in the wind in front of a clear blue sky

මේ මරණය තවමත් කිසිවෙකුට අදහාගන්න බැරි කාරණ‍යක් වෙලා.

මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී කතාව ගැනයි. ඔහු තවමත් 20 හැවිරිදි තරුණයෙක්.

ආනවින්දවැව, කපුගොල්ලෑව, හොරොව්පොතාන ලිපිනයේ පදිංචිව සිටි ඒ.යූ. සහීල් අහමඩ්, නොසිතූ මොහොතක සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය හොරොව්පොතාන මාර්ගයේ දහයක කනුව ප්‍රදේශයේදී ඊයේ සිදුවුණු අනතුරකින් ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්වුණා. යතුරු පැදිකරුයක් බස්රථයක ගැටී සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය පවසන්නේ.

හොරොව්පොතාන දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයක, එම මාර්ගයේ දහය කණුව ප්‍රදේශයේදී යතුරු පැදිකරුවා ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරු අධිකරණය ඉදිරිපත් කර තිබුණා.

අනතුර සම්බන්ධයෙන් මොරවැව පොලිසියේ රථ වාහන අංශ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Previous articleපෙරළිකාර රන් මිල සති අන්තයේ නතර වුණේ කොතනද..? රන් මිල ගැන අද ඇසෙන ආරංචිය මෙන්න..
Next article“ජීවිතේ පාරකී.. තාරුකා ඇස් දෙකේ.. වෑහෙනා ආදරේ.. මගේනේ..” කඩවසම් සූර්යාගේ අත ගත්ත ඇයත් ඔබට සුපුරුදුයි නේද..?
error: Content is protected !!
Verified by MonsterInsights