Home දේශිය පුවත් ඒ නම් ඇත්තෙන්ම දුක්බර කතා පුවතක්… බෝගහකුඹුරේ ඛේදවාචකය නිසා අම්මාත්, තාත්තාත් නැතිව...

ඒ නම් ඇත්තෙන්ම දුක්බර කතා පුවතක්… බෝගහකුඹුරේ ඛේදවාචකය නිසා අම්මාත්, තාත්තාත් නැතිව පුංචි පුතා අසරණ වෙයි..

0
48

මොන තරම් නම් ප්‍රාර්ථනා ඔවුන් දෙදෙනාගේ කුරුළු කැදැල්ලේ තියෙන්නට ඇත්ද..?

තමන්ගේ ආදරණීය පුතා ගැන, ඔහුන්ගේ ජීව්තයේ අනාගත අපේක්ෂා ගැන මොන තරම් නම් දේවල් තියෙන්න ඇතිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු තවත් එක් සංවේදී කතාවක්. ඒත් දැන් මොවුන් වෙනුවෙන් හඬාවැටෙන කිසිවෙකුගේ දුක් අඳෝනා නෑසෙන දුරකට ඔවුන් දෙදෙනාම ගිහින් අවසානයි. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි.

“එළවළු වගාබිමට ගිය දුවයි, පුතයි අධික වැසි නිසා නැවත නිවසට එමින් සිට තිබෙනවා. එලෙස එද්දී දෙන්නම සැඩ දිය පහරකට හසුවී ගසාගෙන ගොස් තිබුණා. දුවගේ සිරුර රාත්‍රියේ කිලෝමීටර් එකහමාරක් පමණ පහතින් හමුවුණා.

පුතාගේ සිරුර කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි බොරලන්ද කට්ටකන්ද ප්‍රදේශයේ ඇළේ තිබී හමුවුණා.

මේක අපිට දරාගන්න බෑ. හරිම දුකයි…” යැයි ශාන්ත අමරකෝන් ඒ සිද්ධිය ගැන පැවසුවේ එවැනි කතාවක්. වැලිමඩ, බොරලන්ද, කන්දේපුහුල්පොළ ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලෙමින් තිබියදී ඔයෙන් එගොඩවීමට යද්දී සැඩදිය පහරකට හසුවී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු හා ඔහුගේ බිරිඳ ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් දැඩි කම්පාවෙන් යුතුව එම ඥාතියකු එසේ පැවසුවා.

මෙම සිද්ධියෙන් බෝගහකුඹුර ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කන්දේපුහුල්පොළ, වංගියකුඹුර, දික්වත්ත පදිංචිව සිටි ගෝනහේන කඳවුරේ සේවය කළ පොලිස් සැරයන් ඩී. එම්. අචින්ත සහ ඔහුගේ බිරිඳයි.

ඔවුන්ට අවුරුදු 08ක පිරිමි දරුවෙකුද සිටින අතර, තවදුරටත් අදහස් දැක්වූ ශාන්ත අමරකෝන් මහතා මෙසේද පැවසුවා. “මේ දුවයි, පුතයි ගම්මානයේ ඉහළ පිහිටි කන්දේ වගාබිමක එළවළු වගා කරනවා. ඉකුත් 17 වැනිදා ඔවුන් එළවළු වගා කිරීමේ කටයුතුවල යෙදිලා ඉන්නකොට අධික වැසි ඇද වැටෙන්න පටන් අරගෙන තිබෙනවා.

මේ නිසා දෙන්නා නිවස බලා එන්න ඇවිත්. එහිදී දෙන්නා ඔයෙන් එගොඩ වෙන්න යන අවස්ථාවේ සැඩ පහරට හසුවෙලා ගහගෙන ගිහින් තිබුණා. පස්සේ 17 වැනිදා රාත්‍රියේ ගම්වාසීන් හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එකතුවෙලා දෙන්නව සෙව්වා.

එහෙම සොයද්දි රාත්‍රියේ දුවගේ මළසිරුර හමුවුණා. ඊට පස්සේ පුතාගේ සිරුර හෙව්වා. පුතාගේ සිරුර අපි 18 උදේ සොයාගත්තා.

හරිම හොඳ දෙන්නෙක් මේ නැතිවුණේ… හරිම දුකයි” සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි අඹුසැමි යුවළ සොයන මෙහෙයුම අධික වර්ෂාව මැද ක්‍රියාත්මක කළ බවද බෝගහකුඹුර පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ බෝගහකුඹුර පොලිසිය එක්ව සිදු කරන ලද පැය කීපයක විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අඹුසැමි යුවළගේ සිරුරු දෙක සොයාගත් බවද පොලිසිය පවසනවා.

සොයාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයාගේ සහ ඔහුගේ බිරිඳගේ මළසිරුරු බොරලන්ද රෝහලේ තැන්පත් කර ඇති අතර දෙදෙනාගේ මරණ පරීක්‍ෂණ ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණා. අම්මාත් තාත්තාත් නොඑන ගමනක් ගිහින් අද පුංචි පුතා මව්පිය ආදරය හා රැකවරණය, සෙනෙහස අහිමිව සිටින දසුන අතිශයින්ම දුක්බරයි. මේ පිළිබඳව බෝගහකුඹුර පොලිසිය වැඩිදුර පර්‍යේෂණ සිදුකරනවා.

Previous articleකොමඩු කස කසා එකතු කරලා හදන මේ විශ්මිත ප්‍රතිකාරය කරලා බලන්න… වෙනස ඔබට හිතාගන්නවත් බැරි වෙයි
Next articleමුහුණේ හැඩය ගැන හිතන කාන්තා පාර්ශ්වය නම් දැන් ඒ දේවල් කරන්නේ නැහැලු.. බලන්නකෝ මේ කියන්නේ මොකක් ගැනද කියලා..
error: Content is protected !!
Verified by MonsterInsights