මේක හරිම ලස්සන ඒ වගේම නිහඬ ආදරයක්.
අම්මා තාත්තා තරම්ම අපිව රකින අපිව ආරක්ෂා කරන ආච්චිලා සීයලා කියන්නේත් දරුවෙකුගේ ජීවිතේ වැඩියෙන්ම වටින දෙන්නෙක්.
ඒත් බොහෝ තැන්වල මේ ආදරය තියෙන්නේ හැංගිලා. නැත්නම් අප්‍රකාශිතව. ඒත් සමහර තැන්වල මේ ආදරය හරිම ලස්සනයි. දිනේෂ් සුබසිංහ, අපේ රටේ කවුරුත් ආදර කරන මේ ප්‍රවීණ වයලීන් වාදන ශිල්පියා සහභාගී වුණු විවාහ මංගල උත්සවයකදීත් ඔහුගේ නෙත ගැටෙන්නේ අන්න ඒ වගේ ආච්චි අම්මා කෙනෙක්. දිනේෂ් මෙන්න මේ විදිහට ඒ ගැන තමන්ගේ මුහුණුපොතට සටහනක් එක්කරනවා.
“එදා මම ගීය වාදනය කරද්දී මේ ආච්චි අම්මා ඇඬුවා, හරි අපූරුවට ඒක කැමරා ගත වෙලා,
මම ගෙදර යනකොට මේ ආච්චී අම්මට
දනගහලා වැඳලා ගියේ,
මුණුබුරු මිණිබිරියට සීයලා ආච්චිලා
දීපු ආදරේ හරිම අව්‍යාජ ආදරයක්,
එයාලා මොනාත් අපෙන් බලාපොරොත්තු වුණේ නැහැ,
මම වාසනාවන්ත වුණේ නැහැ මගේ අම්මගෙ දෙමවුපියන් සමග වැඩෙන්න, මාගේ තාත්තගෙ පියා දකින්න,
තමුන්ගෙ සීයලා ආච්චි දකින්න වාසනාව තියෙන අය ප්‍රමාද වෙන්න එපා,
එයාලා අපි ගාවට බොහෝවිට එන්නේ ටික කාලෙකට, සොබා දහම මොනාද හේතුවකට එයාලගෙ ආදරේ අපට ගෙනාවා,
අඩු පාඩු කොතරම් තිබ්බත් සියාගෙ ආච්චිගෙ බෝසත් ආදරේට කවු ගී ලියවුණා කියවුණා මදි,
මම මේ wedding එකට දුන්නු නම තමයී ආච්චි අම්මාගෙ ආදරේ”












