රුවන්වැලි මහා සෑයට කෙරෙන ජීවිත පූජාව නිවැරදිව සිදු කරමු..*
රුවන්වැලි මහා සෑයට … ජීවිතය පූජා කරමින් , බාර කරමින් … සිදුවූ සියලු වරදයනට සමාකරගෙන සියලු යහපත සැනසීම උදාකරගනු පිනිස මේ පිලිවෙත ඔබත් අනුගමනය කරන්න …
මාගේ ජීවිතය බුදුරජාණන්වහන්සේට පූජා කරමි…! පූජා වේවා …! බාර කරමි…! බාර වේවා …!
මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි …!පූජා වේවා …! බාර කරම්…! බාර වේවා…!
මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට පූජා කරමි…! පූජා වේවා …! බාර කරමි…! බර වේවා…!මාගේ ජීවිතය තුනුරුවන් උදෙසාම , මේ ගෞතම බුද්ධ සාසනය උදෙසාම පූජා කරමි…! පූජා වේවා …! බාර කරමි…! බාර වේවා …!
මාගේ ජීවිතය ද්‍රෝනයක් ශ්‍රී සර්වඥ්ඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි…! පූජා වේවා…! බාර කරමි…! බාර වේවා…!
මාගේ ජීවිතය ද්‍රෝනයක් ශ්‍රී සර්වඥ්ඥ ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑ රජුන්ට පූජා කරමි …! පූජා වේවා…! බාර කරමි…! බාර වේවා …!
මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බෝ රජුන්ට පූජා කරමි…! පූජා වේවා…! බාර කරමි…! බාර වේවා..!
මාගේ ජීවිතය ලලාට ධාතූන් වහන්සේ , දළදා වහන්සේලා , අකු ධාතූන් වහන්සේ , ග්‍රීවා ධාතුන් වහන්සේ , කේශ සියළු ධාතූන් වහන්සේලා……ඇතුලු සියලු සර්වඥ්ඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි…! පූජා වේවා…! බාර කරමි…! බාර වේවා…!
මාගේ ජීවිතය රන්කොත් වෙහෙර වහන්සේටත් සියළු මහරහතන් වහන්සේලාගේ අරහන්තක ධාතූන් වහන්සේලාටත් පූජා කරමි…! පූජා වේවා…! බාර කරමි…! බාර වේවා…!
මාගේ ජීවිතය .. තුනුරුවනට පූජා කරමින් , සියලු ධාතූන් වහන්සේලාට පූජා කරමින් , රුවන්වැලි මහාසෑයට පූජා කරමින් , ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරමින් …. , සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මගේ ජීවිතයට.. මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් , බාධාවක් , පීඩාවක් , හිරිහැරයක් සිදු නොවේවා..!
ඇස්වහ, කටවහ, අණවින, කොඩිවින හදි හූනියං … ආදී සියලු දෝෂ දුරුවේවා…!
කරන කියන රැකීරක්ෂා ආදී සියලු කටයුතු සර්වප්‍රරකාරයෙන් ම සාර්ථක වේවා…!
සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා…!
අධ්‍යාපන කටයුතු … සාර්ථක වේවා …!
මුහුණ දෙන විභාග වලින් ඉහලින් ම සමත් වේවා…!
පවුලේ සමගිය යහපත උදාවේවා…!
රෝග භිය දුරුවේවා!
සුවසේම පිංදහම් කරගෙන සීලාදී ගුනධර්ම දියුනු කරගන්න ලැබේවා …!
මේ ගෞතම බුදු සසුනේ දී ම අමා මහ නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා!
භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ මොහොතේ පටන් සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ , තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා…!
එමෙන් ම බුදුරජාණන් වහන්සේට , ශ්‍රී සද්ධර්මයට , ශ්‍රාවක සංඝරත්නයට , චෛත්‍යරාජයාණන් වහන්සේලාට , ධාතුන් වහන්සේලාට , බෝධීන් වහන්සේලාට , පිළිම වහන්සේලාට , …. අම්මාට , තාත්තාට , අකුරු කෙරූ ගුරුවරුන්ට , වැඩිහිටියන්ට , පිදිය යුත්තන්ට , ……මගේ සිත කය වචනයෙන් දැනගෙන හෝ නොදැනගෙන සිදු වූ යම්තාක් වැරදිවලට ද , අගෞරවයන් වලට ද , ආර්ය උතුමන්ට සිදු වූ ආර්ය උපවාද වලට ද …. මම සමාකොට සිටිමි…. දෙවනුවද මම සමාකොට සිටිමි… තෙවනුවද මම සමාකොට සිටිමි…..
මාහට ….. මේ මොහොතේ අනන්ත අප්‍රමාණ වතාවක් බුදුරජාණන් වහන්සේ ත් , ශ්‍රී සද්ධර්මය ත් , ශ්‍රාවක සංඝයාත් සමාව ලබාදෙන සේක්වා…! සමාව ලබාදෙන සේක්වා…! සමාව ලබාදෙන සේක්වා…!”
සාදූ.! සාදූ..!! සාදූ…!!!
තෙරුවන් සරණයි!
අන් අයටද මෙම යහපත උදාකරගනු පිනිස…….මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
ඔබට අප්‍රමාන පිංසිදුවේවි.
උපුටා ගැනීමකි ……









