දශක ගණනාවක සිට රටක් ආදරය කරන, ගෞරව බහුමානයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ 92 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
ලංකා බැංකුවෙන් ඇරඹෙන ඔහුගේ වෘත්තියමය ජීවිතය, රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන් ම දෙවැනියා ලෙස සමත් වී රජයේ ලිපිකරුවකු ලෙසත් පසුව 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත්ව පොලිස් පරීක්ෂකවරයෙකුව, ඉන්පසුව චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ, කළමනාකරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදී භූමිකාවන් හෙබ වූ දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් වෙනවා.
ගායනයට සේම රංගනයෙන් ද වේදිකාවේ රිදී තීරයේ සහ පුංචි තීරයේ එක ලෙස උපන් හපන් දස්කම් දැක්වූ විජේරත්න වරකාගොඩ ශූරීන් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දීමට උවමනා නැත.
ඔහු පිළිබඳව නොදන්නා අයෙක් කලාවට ආදරය කරන රසිකයන් අතර සිටිය නොහැකිය.ඒ තරමටම කෝරළේ මහත්තයා ජනප්‍රිය ය.
ඔහු වෙසෙන කළුබෝවිල ප්‍රදේශයේ මාවත විජේරන්ත වරකාගොඩ නමින් නම් කරීම ද අද සිදු වේ.

















