Home දේශිය පුවත් ”සංස්කරණය කළ වීඩියෝව, අපේ අනුමැතියක් නැතිව පළකිරීමෙන් කණගාටුදායක පණිවිඩයක් සමාජගත වෙලා” –...

”සංස්කරණය කළ වීඩියෝව, අපේ අනුමැතියක් නැතිව පළකිරීමෙන් කණගාටුදායක පණිවිඩයක් සමාජගත වෙලා” – මුතූ රාජපුත්‍ර

0
93

”සංස්කරණය කළ වීඩියෝව, අපේ අනුමැතියක් නැතිව පළකිරීමෙන් කණගාටුදායක පණිවිඩයක් සමාජගත වෙලා” – මුතූ රාජපුත්‍ර

ව්‍යාපාරික සජීව් රාජපුත්‍රගේ බිරිඳ, මුතූ රාජපුත්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, ඇය කාන්තාවන් හා සම්බන්ධව කරන ලද ප්‍රකාශයකි.

අදාළ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමඟ, එය සජීව් රාජපුත්‍රගේ නිල ෆේස්බුක් ගිණුමෙන් ඉවත්කර ගැනීමටත් කටයුතු කර තිබුණා.

එලෙස තමන් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුතූ රාජපුත්‍ර පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, සංස්කරණය කළ වීඩියෝව, අවසානයේ ඔවුන් විසින් අනුමත කිරීමක් නොකර පල කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කණගාටුදායක පණිවිඩයක් සමාජගත වී ඇති බව හුවා දක්වමින්.

එම සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,

”පසුගිය දින තුල සමාජ මාද්‍ය ජාලා තුල විශාල කතිකාවතක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කලෙමි.

ප්‍රථමයෙන්ම මා ඔබට දැනුම් දෙන්න කැමතී කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවට පත්කරන ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ අදහස සහ එම වීඩියෝ පටය තුලින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් බව.

ඒ තුලින් සාමාන්‍ය ජන ජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකඳු කාන්තාවක් හෝ අපහසුතාවට පත්වූවානම් ඒ වෙනුවෙන් මා අවංකවම මාගේ කණගාටුව පල කරනවා.

එම වැඩසටහන පටිගත කල දවසේදි විව්ධ මාතෘකා කීපයක් සම්බන්ධව අපි අපේ අදහස් හුවමාරු කරගනිමින් සිටියා. එහිදී අපි අතර වුන කතාබහට මාතෘකා වුනේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නෙවේ.

එවැනි අසහනකාරී හැඟීම් ඇති පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණය සඳහා එකදු වචනයක් හෝ වැයකිරීම මා කිසිම හේතුවක් මත කවමදාවත් කරන්න හිතන්නෙවත් නැති දෙයක්.

එහිදී මාතෘකා වුනේ එවැනි බලහත්කාරී තත්වයන් නොවන, නමුත් ගැටලු ඇතිකරවන කිසිඳු සාදාරන හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනගාගැනීම් ගැන.

ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුල හෝ ජීවත් වන සමාජය තුලින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකඟත්වය පල කරන කාන්තා හැසිරීම් පිළිබඳ ඒ ප්‍රකාශය මා සිදු කලා.

මෙම වීඩියෝ පටය සංස්කරනය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙලකට සංස්කරනය කර තිබෙනවා සහ එම සංස්කරණය කල වීඩියෝව අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පල කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කණගාටුදායක පණිවිඩයක් සමාජගත වී තිබෙනවා.

මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.

ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ. අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා.

දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව.

මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට , කාන්තාවකට, දියණියකට ඕනෑම ආකාරයේ සහයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්. අදත් හෙටත් ඔබට මාගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහයක් , සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුලුවන්!

අවසන් වශයෙන්, එක වීඩියෝ පටයකින් එක අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොඑන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Muthu Rajaputhra”

ChannelE

Previous articleරඟහල අඩ අඳුරේ නොතැබු කෝරළේ මහත්තයා… විජේරත්න වරකාගොඩ නමින් මාවතක්…
Next articleහැඩති සිරුරේ වෙනස ගැන ලොවක් ආදරේ කරන නිලි තමන්නා හෙළිකල අමුතුම හෙලිදරව්ව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights