Home දේශිය පුවත් මොන හිතකින්ද දෙයියනේ නැග්ගේ… අමුතු ෂෝ එකක් දාපු තරුණයාට වෙච්ච දේ මෙන්න.

මොන හිතකින්ද දෙයියනේ නැග්ගේ… අමුතු ෂෝ එකක් දාපු තරුණයාට වෙච්ච දේ මෙන්න.

0
119
රටේ පූජනීයම ස්ථානයක් වන කතරගම දේවාලයට පිටුපසින් තියෙන ඓතිහාසික බෝධීන් වහන්සේ උඩට නැගලා අමුතුම විකාරයක් කරපු තරුණයෙක් ගැන ආරංචියක් තමයි අද (25) දහවල් අපිට වාර්තා වුණේ.
මේ තරුණයා වෙන කවුරුත් නෙවෙයි, කැබැල්ලව ප්‍රදේශයේ පදිංචි කෙනෙක්ලු.

මේ පුද්ගලයා බෝධිය උඩට නැගලා විවිධ ඉල්ලීම් කරමින් හිටියා කියලා තමයි වාර්තා වුණේ. ඒ වගේම තමයි කතාවට අනුව, එයා පරුෂ වචනයෙන් බැන වදිමින් හරිම අශෝභන විදියට හැසිරිලා තියෙනවා. ඒ පූජනීය භූමියේ හිටපු බැතිමතුන්ට මේක ලොකු කම්පනයක් වෙන්න ඇති.

ඇත්තටම මොහුට පිස්සු හැදිලද, එහෙමත් නැත්නම් වෙනම “ෂෝ” එකක් දැම්මද කියන එක තමයි දැන් හැමෝම කතා වෙන්නේ……

කතරගම පොලිස් ස්ථානාධිපතිතුමාට මේ ගැන ආරංචි ලැබුනට පස්සේ සිවිල් ආරක්ෂක භටයින්ට උපදෙස් දීලා තියෙනවා මේ අමුතු සෙල්ලම්කාරයාව බෝධියෙන් පහළට ගන්න කියලා. ඒ අයත් හරිම සුක්ෂම විදියට තරුණයාව බස්සවලා අරගෙන තියෙනවා කියලා තමයි සඳහන් වුණේ.

හැබැයි මේ කොල්ලා ගසෙන් බැස්සට පස්සේ සිවිල් ආරක්ෂක භටයින්ට පහර දෙන්න තැත් කරලා තියෙනවා.අන්තිමට පොලිසිය මොහුව අත්අඩංගුවට අරගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කතරගම දේවාල මුරපොලට භාර දීලා තියෙනවා.

Previous articleමළසිරුරක් සමග එක්වී දරුවෙකු බිහිකළ තරුණියක් ගැන ඇසෙන ලොවක් කැලඹු පුදුම හිතෙන කතාවක් මෙන්න
Next articleමම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා” මරු කටට පැන මහා අනතුරක් වැලැක්වූ දවසේ වීරයා..
error: Content is protected !!
Verified by MonsterInsights