Home දේශිය පුවත් හයකට දිවි අහිමි කරමින් බස් රථ දෙකක් ගැටෙයි. 32 දෙනෙකුට තුවාල, රේස්...

හයකට දිවි අහිමි කරමින් බස් රථ දෙකක් ගැටෙයි. 32 දෙනෙකුට තුවාල, රේස් පැදිල්ලේ අවසානය කදුලකින් නිම වෙයි.

0
73
කවුරුත් නොසිතූ මොහොතක මුළු රටම කම්පා කරවමින් තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයෙන් ඇසුණු බිහිසුණු ආරංචියක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මේ අනතුර ඉන්දියාවේ තෙන්කාසි වල පාරක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිලා. මේක ගැටීමක් නෙවෙයි, හරියට “පරදාගෙන යන්න ඕන” කියලා ඇහැ වහගෙන ගිය රියදුරෙක්ගේ මුරණ්ඩු තීරණයක් නිසා සිද්ධ වුණු විනාශයක් කියලා කියන්නත් පුළුවන්.

එක බස් එකක් මදුරෙයි ඉඳලා සෙන්කෝට්ටයි පැත්තට ගිහින් තියෙනවා. අනිත් එක තෙන්කාසි ඉඳලා කෝවිල්පට්ටි පැත්තට. හැබැයි මේ මදුරෙයි-සෙන්කෝට්ටයි බස් එකේ රියදුරා තමයි හැමදේටම වගකියන්න ඕන කියලා මූලික විමර්ශනවලින්ම හෙළි වෙලා තියෙන්නේ.

මේ අනතුර කොයි තරම් දරුණුද කියනවා නම්, බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොහොම වුණත් මේ අනතුර නිසා අවාසනාවන්ත විදියට පුද්ගලයින් 6 දෙනෙක්ට ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තවත් 32 දෙනෙක් තුවාල ලබලා රෝහල් ගත කරලා. හැබැයි නරකම කතාව තමයි, මේ තුවාල ලබපු අයගෙන් කිහිප දෙනෙක්ගේ තත්ත්වය බරපතළයි කියන එක. ඉතින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ මරණ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න පුළුවන් කියලා.
Previous articleමම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා” මරු කටට පැන මහා අනතුරක් වැලැක්වූ දවසේ වීරයා..
Next articleත්‍රීවිල් එකේ යද්දී එලියට ඔළුව දලා..මල් කැකුළු 08ක් එක්ක ගමන් ගත් එක් පුංචි මල් කැකුළකට දිවි අහිමි කල ටිපර් රථය.
error: Content is protected !!
Verified by MonsterInsights